නවතම පුවත්

ගෝඨාභයගේ රැළියට ගොස් එන අතරතුර පහර කෑ පොදු ජන පෙරමුණේ ආධාරකරු මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීට දින 3කට පෙර පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් පැමිණෙමින් සිටියදී පහර කෑමකට ලක්ව මහ මග වැටි සිටි පොදු ජන පෙරමුණේ ආධාරකරුවකු අද මියගොස් තිබේ.

එම ආධාරකරු ගනේමුල්ල ප්‍රදේශයේදී මහමග වැටි සිටියදී ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ. ප්‍රථිකාර ලබමින් සිටි ඔහු අද පස්වරුවේ මියගොස් තිබේ. ඔහුට පහරදීම සිදුකලේ කවුරුන්ද යන්න ප්‍රකාශයක් හෝ කල නොහැකි මට්ටමේ ඔහු අසාධ්‍ය තත්වයේ සිට ඇති අතර පොලිසියට කිසිදු ප්‍රකාශයක් නොකරම ඔහු මියගෝ තිබේ.

පසුව කරන ලද අධිකරණ වෛද්‍ය පරික්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ සිරුරේ පහරදීම් හා තුවාල ඇති බැවින් මේ මරණය පහරදීම නිසා සිදුවූ මරණයක් ලෙස තහවුරු කර තිබේ.

මේ සමබ්න්ධයෙන් අදාල පුද්ගලයා සමග පොදු ජන පෙරමුණේ රැළියට ගොස් පැමිණි අනෙක් පුද්ගලයන් දෙදෙනා පොලිස්භාරයට ගෙන ප්‍රශ්න කිරිමේදී ඔවුන් සදහන් කර ඇත්තේ අදාල මිය ගිය ආධාරකරු ඔහුගේ නිවසට යන මාර්ගයේ ගිය බවත්ය. ඉන් එහාට යමක් ඔවුන් නොදන්නා බවද ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විශේෂ විමර්ශණයක් සිදුකරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්