නවතම පුවත්

ෆෝන්, ටැබ්වලින් සෝෂල් මීඩියා යන දරුවන් ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

 ජංගම දුරකථන හා ටැබ් පරිඝනක හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහිවූ ළමුන් තුල  මානසික රෝග තත්වයන් මතුවීමේ අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය රජයේ වෛද්‍ය උපදේශකවරුන්ගේ සංගමය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

මේ අනුව  රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බව එම වෛද්‍ය උපදේශකවරුන් තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. එසේම ජංගම දුරකතන, ටැබ් හෝ පරිගණක තිර දෙස බලා සිටින ළමුන්ට සෑම පැය දෙකකට ම වරක් විවේකයක් ලබා දිය යුතු බව ද බ්‍රිතාන්‍ය රජයේ වෛද්‍ය උපදේශකවරු අවධාරණය කර ඇත.

දිවි නසා ගැනීමේ සහ තමන් විසින් ම සිරුරට හානි පමුණුවා ගනු ලැබීමේ සිදුවීම් පාලනය කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය ආරම්භ කර ඇති නව වැඩසටහනකට සමගාමීව මෙම වාර්තාව නිකුත්වී ඇත.

පසුගිය දා බ්‍රිතාන්‍යයේ නව යෞවනියක දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇයගේ පියා කියා සිටියේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භවිතා කිරීම ඇයගේ මරණයට හේතුවක් වූ බවය.බ්‍රිතාන්‍ය රජය එම සිද්ධිය මුල් කරගනිමින් මෙම නව වැඩසටහන ආරම්භ කර ඇත.

තම දරුවන් මෙවැනි තත්වයන්ගෙන් ආරක්ෂිතව  සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා දෙමාපියන් ගත යුතු පියවර කිහිපයක් බ්‍රිතාන්‍ය වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.එම නිර්දේශ මෙසේය .

  • රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ දී සහ නින්දට යන විට දී ජංගම දුරකතන හෝ එවැනි උපකරණ භාවිත නොකිරීම: පවුලක් ලෙස ඒකට එක් වී කතා බස් කිරීම ළමුන්ගේ වර්ධනය සඳහා ඉතා වැදගත් වේ.
  • නිදන වේලාවේ දී ඩිජිටල් තිර සහිත උපකරණ නිදන කාමරයෙන් ඉවත් කර තැබීම.
  • අන්තර්ජාලය ආරක්‍ෂිතව පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවිය හැකි මානසික හිරිහැර (cyber-bulling) පිළිබඳව පවුලේ සියලු දෙනා එක්ව සාකච්ඡා කිරීම: එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කළ යුතු වේ.
  • පාර හරහා පැනීම හෝ සම්පුර්ණ අවධානය අවැසි එවැනි වෙනත් ක්‍රියාකාරකමක් කිරීමේ දී ජංගම දුරකතනය භාවිතා නොකිරීම.
  • පැය දෙකකට වරක් දරුවා තිරයෙන් ඉවත් කර අසුනෙන් නැගිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම.
  • සමාජ ජාලා පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම: දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සබඳතාවක් ගොඩනගා ගත යුතුය.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්