නවතම පුවත්

ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ සීග්‍ර වර්ධනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය පසුගිය වසර පහ තුළ සීග්‍ර ලෙස වර්ධනය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය සඳහන් කර සිටී.

ඉන් බහුතරය කොළඹ ජීවත් වන, අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ කාන්තාවන් බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී ඇති අතර ඔවුන් අතරින් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙන් වන බවද ‘කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත රටාවන් සහ නූතන ප‍්‍රවණතා – 2017’ යන මන් නිකුත් කර ඇති මෙම වාර්තාවේ දැක්වේ.

කාන්තාවන්ගෙන් තවත් සියයට 16ක් සුළු වෙළඳාමෙන් ද තවත් සියයට 21ක් හෙරොයින් අලෙවි කිරීමෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව වාර්තාවේ දැක්වේ.

එම වාර්තාව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් සකසා ඇත.

එම පර්යේෂණ වාර්තාවට අනුව හෙරොයින්වලට ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් බහුතරය දිනකට තුන් වරක් හෙරොයින් භාවිත කරන අතර, ඒ සඳහා එක් අයෙකු දිනකට වැය කරන මුදල රුපියල් 3000-6000ත් අතරය.

කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා හේතු වන සාධක කිහිපයක් සමීක්ෂණය හරහා සොයා ගෙන ඇත. ඒවා පහත දැක්වේ,

මිතුරු ඇසුර
සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම්
විනෝදය / සතුට
ආශාව
ප‍්‍රශ්න හා ගැටලුකාරී තත්වයන්
කුතුහලය
ගණිකා වෘත්තිය
බන්ධනාගාරගත වීම
ලිංගික තෘප්තිය සඳහා
හෙරොයින් අලෙවිය
හෙරොයින්, වෙළඳපොළ තුළ නොමැති වූ විට හෝ මිල අධික වූ විට හෝ කාන්තාවෝ ඒ සඳහා ආදේශක භාවිත කරති.

ඒ, ප‍්‍රධාන වශයෙන් ගංජා, බියර් හෝ අරක්කුය. මීට අමතරව ඖෂධ සඳහා යොදා ගන්නා පෙති වර්ග භාවිතය ද ඉහළ ගොස් තිබේ.


අ ලංකාවේ කාන්තාවන් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය සඳහා යොමු වීමේ වයස් සීමාව ගැන ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අවධානය යොමු කර ඇත.
කාන්තාවන් බියර් භාවිතයට යොමු වන සාමාන්‍ය වයස අවුරුදු 17කි.

ගංජා භාවිතය ආරම්භ කරන සාමාන්‍ය වයස අවුරුදු 19ක් වන අතර ප‍්‍රථම වරට හෙරොයින් භාවිතය ආරම්භ කළ සාමාන්‍ය වයස අවුරුදු 23කි.

බහුතරයක් කාන්තාවන් මත් පෙති සඳහා යොමු වී ඇත්තේ වයස අවුරුදු 26නි.

අඩු අධ්‍යාපනය”ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමට ප්‍රධාන සාධකයක් සමීක්ෂණයේදී හෙළිව ඇත.ලෙමේ කාන්තාවන්ගෙන් සියයට 50 ට වැඩි පිරිසක් සාමාන්‍යයෙන් එක වසරේ සිට හය වසර දක්වා පමණක්අ ධ්‍යාපනය ලැබූ ය බවටද අනාවරණය වී ඇත.

පර්යේෂණ අංශය කාන්තාවන් 150 ක නියැදියක් භාවිත කර සිදු කළ සමීක්ෂණයක් මගින් අවුරුදු 15ත් 35ත් අතර කාන්තාවන් සියයට 39ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී තිබෙන බැව් හෙළි වී තිබේ. ඔවුන්ගෙන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී කාන්තාවන්ය.

මව, බිරිඳ, ගෘහණිය හා දියණිකගේ භූමිකාව නියෝජනය කරමින් නිවස තුළ ජීවත් වූ කාන්තාව, සමාජයේ සිදු වූ පරිවර්තනයත් සමග වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වීම මෙන් ම විලාසිතාවන්ට කැමැත්තක් දැක්වීම යන කාරණා මත ද ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට එම සමීක්ෂණය මගින් හඳුනාගෙන තිබේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන් හඳුනා ගැනීමට හා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇත.

පැතුම් වික්‍රමරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි