නවතම පුවත්

තුන්සියවසක අතීතයෙන් මිදෙන ‘පිලිපීනයට’ ආයුබෝවන්

අසංක

අසංක

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටෙර්තේ සිය රටේ නම දිනෙක ‘මහාර්ලිකා’ ලෙස වෙනස් කළ යුතු බව පවසයි.

යටත්විජිත අතීතය අමතක කරදැමීම සදහා එය කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

ඩුටෙර්තේ මෙලෙස ප‍්‍රතිරාව නගන්නේ නැසීගිය ආඥාදායකයකු වන ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් විසින් පිලිපීන මව් භාෂාවෙන් උදාර බව අර්ථගන්වන ‘මහාර්ලිකා’ යන නාමය පිලිපීනයට යොදන ලෙසට කරන ලද බලකිරීමය.

පිලිපීනය වසර 300කට අධික කාලයක් පැවැතියේ ස්පාඤ්ඤ නීතියට යටත්වය. පිලිපීනය යන නම තබා ඇත්තේ ද ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජු බව පැවසේ.

සෙනෙට් සභාපති ටිටෝ සොටෝ පැවසුවේ ඩුටෙර්තේගේ අදහස ව්‍යවස්ථාව නැවත ලියනු ඇති බවත් එහිදී බොහෝ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය විය හැකි බවත් ය. ඩුටෙර්තේ ද ජාතියේ සන්නස වෙනස් කිරීම සදහා කටයුතු කරනු ඇති අතර රජය සන්ධීය ආකෘතියකට සකස් කරනු ඇති බව ද ඔහු පවසා තිබේ.

‘දිනෙක අප එය වෙනස් කරමු’ ඩුටෙර්තේ පසුගියදා පැවසුවේ මුස්ලිම් බහුතර පළාතක් ලෙස මැගුයින්දනාඔ් නම් කරමින් එම ප‍්‍රදේශයේ ඉඩම් බෙදාහැරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

‘මාර්කෝස් හරි. ඔහුට ඔ්නෑ වුණේ මහර්ලිකා ලෙස නම වෙනස් කරන්න. මොකද ඒක මැලේ වචනයක්’

සාමයේ නැග්මත් සමග වසර 3කට පෙර බලයෙන් පහකෙරුණු මාර්කෝස්, පළමුව නම වෙනස් කළ යුතු බවට නිර්දේශ කළේ පිලිපීනය හමුදා පාලනයකට යටත් කළ අවස්ථාවේදී ය. ඒ ජාතිකවාදය ප‍්‍රවර්ධනය කිරීම පෙරදැරි කොටගෙනයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?