නවතම පුවත්

2004/2005 ඡන්ද හිමි නාමලේඛණයට ගෝඨාගේ නම ගියේ කොහොමද ? CID පරික්ෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක ලබාගැනීමටද නියමිතව බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී පරීක්‍ෂණ කරමින් පවතියි.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම  2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ නිවසේ ගෘහමුලිකයා ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධයෙක් කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවද ඒ මහතාට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?