නවතම පුවත්

2020 ජනපතිවරණයේ තවත් වාර්තාවක්

අසංක

අසංක

සටහන – ගයාන් කුමාර වීරසිංහ

මෙවර පැවැත්වෙනුයේ හිටපු ජනා­ධි­ප­ති­වරයකු, අග­මැ­ති­වරයකු හෝ විපක්ෂ නාය­ක­වරයකු තරග නොක­රන මෙරට ඉති­හා­සයේ ප්‍රථම විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පවසයි.

මෙයට පෙර පැවැති සෑම ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ක­දීම ජනා­ධි­ප­ති­වරුන් අග­මැ­ති­වරුන් හෝ විප­ක්ෂ­නා­ය­ක­වරුන් තර­ග­කර ඇති බවද ඔහු පැවැ­සීය. වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් නොවන බව සද­හන් කර ඇති බැවින් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය ජනා­ධි­ප­ති­ව­රුන් නොමැති මැති­ව­ර­ණ­යක් බවට පත්ව ඇතැ­යිද ඔහු වැඩි­දු­ර­ටත් සද­හන් කළේය.

මේ අතර මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­යන් ප්‍රමා­ණය වාර්තා­ගත ලෙස ඉහළ යෑම හේතු­වෙන් ඇස්ත­මේ­න්තු­ගත විය­ද­මට අති­රේ­කව රු. කෝටි 100කට ආසන්න මුද­ලක් වැය කිරී­මට සිදු විය හැකි බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පව­සයි.

ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඇස්ත­මේන්තු කර තිබූ මුදල රු. කෝටි 400ක් වුවද එය රු. කෝටි 500ක් දක්වා ඉහළ යා හැකි බව සභා­ප­ති­ව­රයා කියා සිටී.

මූලික වශ­යෙන් මේ අති­රේක මුදල් වැය වනු ඇත්තේ ඡන්ද පත්‍රිකා ඇතුළු මැති­ව­රණ මෙහෙ­යු­ම්ව­ලට අදාළ ලිය­කි­ය­විලි මුද්‍ර­ණය සඳ­හාය.

පසු­ගිය සිකු­රාදා (4) සවස වන විට අපේ­ක්ෂ­ක­යන් 33 දෙනකු ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අතර තවත් කිහිප දෙන­කුම සෙන­සු­රාදා සහ අව­සන් දිනය වන ඉරිදා දහ­වල් 12ට පෙර ඇප මුදල් තැන්පත් කිරී­මට නිය­මි­තය. ඒ අනුව මෙතෙක් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ඉදි­රි­පත් කළ දිගුම ඡන්ද පත්‍රි­කාව මෙවර ඉදි­රි­පත් වනු ඇති බවත්, එය දිගින් අඩි­යක් ඉක්ම­විය හැකි බවත් මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී