සංඝරත්නයේ ආශිර්වාද මැද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 2022 නව වසර ආරම්භ කරයි.

  දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2022 වසරට ආශිර්වාදාත්මක ආරම්භයක් ලබාගනිමින් නව වසරේ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිම පසුගිය 01 වන දා සණස ලයිෆ් ප්‍රධාන කාර්යාලය මූලික කරගනිමින් සංවිධානය කර තිබුණි. ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ උත්සවය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිවයින පුරා පිහිටි සණස ලයිෆ් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාඛාවන් වෙත සජීවිව…

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත්වේ !

දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී හි මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත්කර ඇත. රක්ෂණ හා මූල්‍ය ක්ශේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ඇති කෙනඩි මහතා ගණකාධිකරණය, මූල්‍ය ආර්ථික විද්‍යාව, අලෙවිකරණය හා කලමනාකරණය යන විෂයන්හී හසල දැනුමක් ඇති වෘත්තිකයෙකු ලෙස සැලකේ. “අප සතු වටිනාම සම්පත අපගේ සේවක කණ්ඩායමයි,…

‘සණස’ ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් තවත් සමාජ සත්කාරයක් !

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා අනුරාධපුර තලාව ශ්‍රි ඥානෝදය පිරිවෙනෙහි වැඩ වාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා උදෙසා ඇඳන්, කොට්ට, මෙට්ට හා ඇඳ ඇතිරිලි ඇතුළු උපකරණ කට්ටල පූජා කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කළ සණස නෙළුම් මල් පූජාවට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිණී ආචාර්ය පී.…

බාගෙට පාවිච්චි කරපු ගෑස් සිලින්ඩර නැවත භාරදෙන්නේ මෙහෙමයි ,

අර්ධ වශයෙන් භාවිත කරන ලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට කැමති පාරිභෝගිකයින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව එලෙස භාරදෙනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කළයුතු බවට අදාළ ගෑස් සමාගම් වෙත උපදෙස්…

පාපැදියෙන් වැඩට එන්න – පරිසර අමාත්‍යාංශය ඉල්ලයි !

වායු දූෂණය අවම කරගැනීම සහ ඉන්ධන භාවිතය අඩු කිරීම ඇතුළු  කරුණු ගණනාවක් ඉලක්ක කොට ,  පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු යොදා ඇත . ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් වාර්තාවේ පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ…

ඔමික්‍රෝන් මැඩලන එන්නත අත්හදාබලයි !

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනය කර තිබේ. බූස්ටර් මාත්‍රාවක් වන මේ එන්නත මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අපේක්ෂිතය. අවුරුදු 18ත් 55ත් අතර නිරෝගී පුද්ගලයන් 1,420 දෙනෙකු යොදාගෙන සිදුකරන අත්හදා බැලීමේදී එන්නතේ ආරක්ෂාව, එහි බලපෑම, රෝගියෙකුට දරාගත හැකි මට්ටම හා ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර මට්ටම සම්බන්ධයෙන්…

විදෙස් සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 261ක ආදායමක්!

2021 වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 22,771 ක සංචාරක පැමිණීම් ප්‍රමාණයට සාපේක්ෂ, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී පැමිණි සංචාරකයින් ප්‍රමාණය 44,294 ක් ලෙස වාර්තා විය. 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ පැමිණි මුළු සංචාරක පැමිණීම් 507,311ක ප්‍රමාණයට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසය දක්වා වූ මාස 11 තුළ පැමිණි මුළු සංචාරක පැමිණීම් ප්‍රමාණය 104,989ක් ලෙස වාර්තා විය.…

ශ්‍රී ලංකාවේ විශ්වසනීය සංවර්ධන සහකරු ඉන්දියාවයි !

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස ඉන්දියාව දශක ගණනාවක් පුරා කටයුතු කර ඇති බවත් එම සබදතාව තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඉන්දීය රජය සූදානම් බවත් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී . ඉන්දීය ජනරජ දිනය නිමිති කරගනිමින් , ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් බග්ලේ මහතා මේ බව සඳහන්…

එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල ‘2022 ගෞරව නාම ලේඛනයට’ ඉන්දියාව එක් වෙයි.

(India News Network) එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල ‘2022 ගෞරව නාම ලේඛනයට’ ඉන්දියාව එක් වෙයි. 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 29.9ක් ගෙවා ඇත ඉන්දියාව නැවතත් සම්පූර්ණයෙන් ගෙවීමට ආඩම්බර වේ! ඔවුන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පුර්ණයෙන්ම ගෙවා ඇති සාමාජික රටවල් 193…

ඉන්දීය ජනරජය දිනය , කොළඹදීත් සැමරේ !

ඉන්දීය ජනරජය දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් අද පෙරවරුවේදී මෙරට  ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මහකොමසාරිස් නිළ නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ , එම අවස්ථාවට මෙරට ජීවත්වන ඉන්දීය ජාතිකයින් ඇතුළු ආරාධිතයින්  එක්ව සිටියහ . එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහත දැක්වේ .  

ePaper – Wednesday, January 26, 2021

🔴 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට
🔴බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන වහාම ඉවර කරන්න උසාවි නියෝග
🔴මේ තුන්වැනි වසරයි වසංගතය ඔමික්‍රෝන් ඉවර කරාවි යැයි සිතීමත් භයානකයි – WHO
🔴ජලයත් අර්බුදයක්

චමරි අතපත්තු හොඳම 10ට

අසංක නවරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ පළමු පිතිකාරිනියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ. ඒ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙනි. එම තරගාවලියේ සහභාගිවූ තරග 4 දී…