දිස්ත්‍රික් 6කට නායයාම් අනතුරු ඇඟවීමකුත් නිකු‍ත් වෙයි

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රත්නපුරය, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්වල නායයෑම් අවදානම් ප්‍රදේශ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතරු අගවා තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, ඉඹුල්පේ, බලංගොඩ, සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින…

රත්නපුරයට ගංවතුර අවදානමක්

රත්නපුර නගරය සහ ඒ අවට ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබේ. කළු ගඟේ ගං ජලය රත්නපුර නගර ප්‍රදේශයේ සහ ඒ අවට දැනට ඉවුරු අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව කියයි. එබැවින් අද රාත්‍රියේ රත්නපුරයට ඉහළින් ඇති ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ…

අරගලයේ ඉල්ලීම් මෙන්න !

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලය. එය නම්කර ඇත්තේ “ගලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්.  එම යෝජනාවලියට යෝජනා 08 ක් ඇතුලත්. එහි ප්‍රධානතම යෝජනාව වන්නේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීමයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් බිහි කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය උපරිම 15 කට…

රනිල්ගේ පළමු නිළ සංචාරය ඉන්දියාවට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යාමට නිමිත බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරය ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි වාර්තාවේ.

ලාංකික භික්ෂූන් වහන්සේ නමක් , ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබියට වැඩම කරයි !

මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් සහ මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානයේ සභාපති ෂෙයික් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්කරීම් අල්-ඉසා විසින් සංවිධානය කරන ලද “ආගමත් අනුගාමිකයිනුත් අතර පොදු සාරධර්ම ප්‍රවර්ධනය කිරීම” මැයෙන් සෞදි අරාබියේ මක්කම පදනම් කරගත් ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානයක් වන මුස්ලිම් වර්ල්ඩ් ලීගය සංවිධානය කළ සමුළුවට මුස්ලිම් වර්ල්ඩ් ලීගයේ ආරාධනය පරිදි පසුගියදාලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ…

රුපියලේ අගය ඉහළ යයි !

(දම්පත් රණසිංහ ) රුපියලට සාපේක්ෂව දිනෙන් දින ඉහළ ගිය අමෙරිකානු ඩොලරය අද දිනයේ පහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ රුපියල් 377ත් 380 අතර විකුණුම් මිලක් සටහන් වූ අමෙරිකානු ඩොලරය රුපියල් 365 ක් දක්වා පහළ යමිනි. මහජන බැංකුව අද ඩොලරයේ විකුණුම් මිල ලෙස දැක්වූයේ රුපියල් 364.96 ක් ලෙසිණි. ඩී.එෆ්.සී.සී. බැංකුව දැක්වූයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 360…

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න උදව් වෙනවා – ඉන්දියාව රනිල්ට පොරොන්දුවේ !

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ඉන්දියාව අවධාරණය කර සිටී . නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති විශේෂ හමුවකදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත . නව අගමැතිවරයා සමග පැවති සාකච්ජාවේදී මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ ,තවදුරටත් එක්ව කටයුතු…

ගෙවී ගිය වසරේදී , බරපතල අපරාධ 35,412 ක් සිදුවෙලා !

(දම්පත් රණසිංහ) ගෙවී ගිය 2021 වසරේ මෙරට සිදුව ඇති ග්‍රහණ අපරාධ සංඛ්‍යාව 35,412 ක් බව පොලිස් මූලස්ථානයේ නවතම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. 2020 වසරට සාපේක්ෂව සැළකීමේදී 2021 වසරේ සිදුව ඇත්තේ ග්‍රහණ අපරාධ ගණන 4314කින් ඉහළ යාමකි. 2021 වසරේදී මෙරට සිදුව ඇතැයි වාර්තා වී ඇති ග්‍රහණ අපරාධ සංඛ්‍යා දත්තයන්ට අනුව පැහැරගෙන යාම් 172ක්, අපහරණ කිරීම් 629ක්,…

RAW සහ CRAW !

(කුමාර ලියනගේ විසිනි) “රනිල් තමයි සුදුස්සා. ලෝක බැංකුවට, අයි.එම්.එෆ්. එකට, යුරෝපියන් යූනියන් එකට, ඒ.ඩී.බී. එකට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන්, මේ වෙලාවෙ ප්‍රශ්නෙට මූණ දීලා ගොඩදාන්න පුළුවන් පරිණත රනිල්ට තමයි..” එම්.සී.සී. ව්‍යාපෘතියට, බටහිරකරණයට විරුද්ධ ව 2019දී රනිල්ලා මරාගෙන කන කේන්තියෙන් ගෝඨාභයට ඡන්දය දුන් අසරණ පොහොට්ටු ඡන්දදායකයෝ අද කියති. එදා රනිල් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි. මේ…

අලුත් අගමැතිටත් අරගලකරුවන්ගෙන් විරෝධය !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය. එහිදී ඩීල් දේශපාලනයට එරෙහිව විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ විරෝධතාවේ නිරතවූහ.