නවතම පුවත්

2026 තෙක් යළි නොඑනා වසන්තයේ සුපිරිම සඳ අද අහසේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දවසේ වැඩි කාලයක් තීව්‍ර ආලෝකයක් ලබාදෙමින්,  සීත ඍතුව අවසන් කරමින් පායා එන මේ වසරේ අවසන් සුපිරි සඳ අද (20) පෘථිවියට ආසන්නයෙන් දිස්වන බව තාරකා විද්‍යාඥයෝ පවසති.

Super Worm Moon ලෙසින් නම් කෙරෙන මෙම සුපිරි සඳ මේ වසරේ දිස්වන තුන්වැනි සහ අවසන් සුපිරි සඳයි.

අද පායන සුපිරි සඳ පැය 12ක පමණ කාලයක් පෘථිවියට ඉතා ආසන්නයෙන් දැවැන්ත ආකාරයෙන් දිස්වන බව තාරකා විද්‍යාඥයන් පවසා තිබේ.

සඳ හා පෘථිවිය අතර පවතින දුරින් අද දිනයේදී සඳ දිස්වන්නේ 10%ක් පමණ දුරකිනි. එනම් සඳ පෘථිවියට දුරින්ම පිහිටන විට පෘථිවියට සැතපුම් 25000කට මෑතදී අද දිනයේ පිහිටනු ඇත.

වසන්ත කාලය එන බවට පණිවුඩය ගෙනඑන සුපිරි සඳ මෙය බවට මතයක් පවතී.

සාමාන්‍ය සම්පූර්ණ සඳකට වඩා 90%ක් පමණ මෙම සුපිරි සඳ විශාලත්වයෙන් වැඩිය. අද දිනයේ පායන සුපිරි සඳ මුළුමනින්ම එනම් 100%ක්ම සූර්යයාගෙන් ප්‍රතිදීප්ත වී තිබීම ද විශේෂත්වයකි.

මෙම සුපිරි සඳ එතරම් විශාලත්වයකින් පෙනෙන්නේ පොළවට සමීපයෙන්ම පායන සඳ වීම නිසා බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වසරේ ජනවාරි මාසයේදී පෘථිවි වාසීන්ට Super Blood Wolf Moon ද පෙබරවාරි මාසයේදී Super Snow Moon ද දැකබලාගත හැකිවිය.

මෙය 2000 වසරේ මාර්තු 20 වැනිදායින් පසු මිහිතලයට සමීපයෙන්ම පායන සුපිරි සඳයි.

2026 වසර වනතෙක් පායන වඩාත් ආලෝකවත්ම සහ සමීපයෙන්ම පිහිටන නිසා දැවැන්තම සුපිරි සඳ මෙයයි.

අද දිනයේ සූර්යයාගේ ආලෝකය පෘථිවියට බලපාන ආකාරය



image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී