නවතම පුවත්

හම්බන්තොට වරාය බදුදීම ගැන චීනය සමග යලි සාකච්ඡා කරනවා – ජනාධිපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හම්බන්තෙට වරාය අවුරුදු 99කට චීනයට බදු දීම වරදක් ලෙස තමා දකින බවත් මේ සම්න්ධයෙන් චීනය සමග නැවත සාකච්ඡා කිරිමට සූදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් පසුව එක්වූ පළමු සාකච්ඡාව ද වෙයි.

“ අපි ස්වාධීනව සිටිනවා. මේක මම මගේ දිවුරුම් දීමේ අවස්ථාවේදීත් ප්‍රකාශ කළා. අපි ඉන්නේ ඉතාමත් වැදගත් සමුද්‍රීය ජාලයක. මේ සමුද්‍රීය ජාලය නිදහස් විය යුතුයි.

අපි කුඩා රටක්. අපිට එක් රටක් තෝරා ගැනීමෙන් ඉදිරියට යන්න බෑ. අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ.

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඉන්දියාව ලොකු රටක්. අපි ස්වාධීන සෛවරී රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

වැදගත්ම දේ ආර්ථික සංවර්ධනයයි. එය සීමිත කලාපයක සිට කරන්න බෑ. අපිට විවෘත වෙන්න සිදුවෙනවා.

ඒකට අපි සූදානම්. අපිට ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයේ සිංගප්පූරුවෙන් උදව් අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී චීනය සමග සම්බන්ධතා පැවැත්වූයේ හුදෙක්ම වාණිජමය මුහුණුවරකින්. නමුත් ලෝක දේශපාලනය මේක ගැටලුවක් විදියයට දැම්මා. හම්බන්තොට වරාය පවා ඔවුන් ඒ ගැටලුවක් කර ගත්තා.

හම්බන්තොට වරාය අපිට අවශ්‍යයි. හම්බනතොට වරාය අවුරුදු 99ක බදු දීමට ගත් තීරණය වරදක්. අපි ඒ ගැන නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගනුදෙනුවට ජනතාව සතුටු නෑ. අවුරුදු දෙකක්, තුනක් පහක් නම් කමක් නෑ. අපි අනාගතය ගැන සිතන්න ඕන.

ක්‍රමෝපායික වශයෙන් වැදගත් වරායක් මේ ආකාරයෙන් ලබාදීම ගැන නැවත සිතන්න ඕන. එක් පර්යන්තයක් ලබාදීම වරැද්දක් නෙමෙයි. වරායක් ලබාදීම කියන්නේ වෙන දෙයක්. ඒක මගේ මතයයි.අපි චීනය සමග වැඩ කරන්න සූදානම්.

ජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ.

ඒ නිසයි මම හැමකෙනෙකුටම ආරාධනා කළේ මගෙත් සමග එකතු වෙන්න කියලා. මිනිස්සුන්ට මාව ඒකාධිපතියෙක් ලෙස දකින්න පුළුවන්. නමුත් මම එහෙම නෙමෙයි. මගේ කාර්යයෙන් ඒක පෙනේවි. බටහිර මාධ්‍යයට මම කියන්නේ මාව හමුවෙන්න. මට කථාකරන්න. අපි පොඩි රටක්. දියුණු වෙන රටක්. අපිට උදව් කළ යුතුයි.”

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්