නවතම පුවත්

ඉදිරි මැතිවරණ ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීමට මාධ්‍ය උපමාන නීතියක් සකස් කරන්න සහය දෙන්න – මැකෝ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මේ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම සඳහා අවශ්‍යවන  රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මනින් සම්මත කර  දෙන මෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුනු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ජා විය.

කථානායක ජයසූරිය මහතා සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය ස්වාධීන හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් පියවර කථානායකවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා යම් ලෙසකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාර්තු මස පළමු වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කළහොත් 2020 අප්‍රි‍යෙල් මහ අගදී හෝ මැයි මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවද සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්