නවතම පුවත්

අගමැති ‌මෝදි ජනපති ‌ගෝඨාභයට දුන් සිහිවටන ඡයාරූපයේ සැඟවුණු කතාව

අසංක

අසංක

ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් රාමුකරන ලද සමූහ ඡායාරූපයක් තෑගි ලෙස ලැබුණු අතර එම ඡායාරූපයේ පසුබිම් කතාව මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ ආරක්ෂක සේවා කාර්යමණ්ඩල විද්‍යාලයේ (Defence Services Staff College) පාඨමාලාවක් හදාරන අවදියේ එහි සිටි ඔහුගේ ඉන්දියානු මිතුරෙකු වූ ජෙනරාල් V. K සිං ට පසු කලෙක ඉන්දියානු හමුදා කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වෙන්නට හැකි වූ අතර ඔහු මේ වනවිට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මෝදි ගේ කැබිනෙට්ටුවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කටයුතු කරයි. විශේෂත්වය නම් සමූහ ඡායාරූපයේ තරුණ ගෝඨාභය රාජපක්ෂ සහ V.K සිං යන දෙදෙනාම දැකගත හැකිවීමයි. මෙම සමූහ ඡායාරූපය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදුන්නේ ජෙනරාල් V.K සිං වන අතර එම ඡායාරූපය සමරු තිළිණයක් ලෙස අග්‍රාමාත්‍ය මෝදී විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත තිළිණ කරන ලදී. මෙය තහවුරු කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි පණිවිඩයක් එවා තිබුණේ මෙසේය.

” Yes. Photo was taken at the Staff College when I was following the course. My course mate who became the Army Chief later , is now a minister in Modi’s cabinet. He is the minister in attendance in this visit.”

මෙම සමූහ ජායාරූපයම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නිවසේ පුස්තකාලයට ඇතුලුවන ස්ථානයේ වම්පස එල්ලා ඇති අතර මා මෙම සමූහ ඡායාරූපය කැමරාවට හසුකර ගත්තේ මීට මාස කීපයකට පෙරාතුවය.

ලෝකය ඉතා කුඩා ස්ථානයක් බවත්, ඔබ අසල සිටින ඔබගේ මිතුරා මතුයම් දිනෙක රටක රාජ්‍ය නායකයෙකු විය හැකි බවත් මෙම ඡායාරූපය නිදසුන් සපයයි.

මෙම සමූහ ජායාරූපයේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාව ඔබට හඳුනාගත හැකි ද?

සටහන – සොනාල ගුණවර්ධන

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි