නවතම පුවත්

කාටත් අමතකව ගිය කතාවක්…

අසංක

අසංක

තමිල්නාඩුවේ අපාදුක් විඳින ශ්‍රී ලාංකිකයෝ

තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් යලි මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙස උතුරු පළාත් නව ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාගවන් මහතා පසුගිය සති අන්තයේ ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියේය . ඒ ජගත් සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හනා සිංගර් මහත්මිය හා ආණ්ඩුකාරවරයා අතර පැවති සාකච්ජාවකදීය.

මේ පිලිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග කාටත් අමතකව ගිය අපේම රටේ අපගේම සහෝදර පිරිසක් වන මෙම සරණාගතයින් පිළිබඳව සුළුවෙන් හෝ කතාබහක් යලි රට තුල මතුවිය .

තිස්ත වසරක් පුරා මෙරට පවතී යුධමය තත්වය හේතුවෙන් රට හැරගිය මෙම ශ්‍රී ලාංකික සරණාගත පිරිස් වෙත පසුගිය වකවානුව තුල දෙරටෙහිම බලධාරීන්ගේ නිසි අවධානය හිමි නොවුනි.

කෙසේවෙතත් තමිල්නාඩු හිටපු මහ අමාත්‍ය හා වත්මන් නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ඕ පන්නීර් සෙල්වම් මහතා විසින් මධ්‍යම රජය වෙත කල ඉල්ලීම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කිහිපය තුල ඉන්දීය මධ්‍යම රජයද මෙම සරණාගතයින් සම්භන්ධව යම් අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට ඇත.

ඒ අනුව ප්‍රමාදවී හෝ මෙම ජනතාවගේ ගැටළු වලට යම් තරමක හෝ විසදුම් ලබාදීමට පසුගිය මාස කිහිපයේදී ඉන්දීය බලධාරීන් පියවර කිහිපයක්ම ගනු දක්නට ලැබිණ .

“පුරවැසිභාවය” මෙම සරණාගත පිරිස් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවකි. ඔවුන් ශ්‍රී ලංකාවට , ඉන්දියාවටද අයත් නැති , අහසින් වැටුණු මිනිසුන් පිරිසක් ලෙස මෙතෙක් කලක්ම දෙරටෙහිම බලධාරීන් විසින් සලකනු ලැබීය .

මෙම අර්බුදයට යම් පිලියමක් යෙදීමට ඉන්දීය බලධාරීන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති නමුත් අවාසනාවකට එම වැඩපිළිවෙලද මෙතෙක් සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක නොවන බව ඉන්දීය මාධ්‍යවලද අදහස වී ඇත.

ලාංකීය ද්‍රවිඩ සරණාගතයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාදීම පිලිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වනවිට විශේෂ සාකච්ජා වටයක් ආරම්භ කර ඇති අතර මේ සම්භන්ධව කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇත.

නව දිල්ලියේදී ආරම්භ වී ඇති මෙම සාකච්ජා සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ද අඛණ්ඩව සහභාගිවේ.. මෙම සාකච්ජා හරහා මෙම අසරණ ජනතාවගේ පුරවැසිභාවය පිලිබඳ ගටලුවට නිශ්චිත විසඳුමක් ලැබෙනු ඇතැයි ,ඉන්දීය පාර්ලිමේන්තුවේ සරණාගතයින් පිළිබඳ කමිටුවේ සභාපති සුදර්ශන් නාචිඅප්පන් මහතා විශ්වාසය පළකරයි.

මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩයින් , සරණාගතයින් ලෙස ඉන්දියාවට යාම ආරම්භ වුයේ 1983 තරම් ඈත වකවානුවක සිටය . එම වකවානුවේ උද්ගතවූ ජාතිවාදී අර්බුදත් සමග දහස් සංඛ්‍යාත ද්‍රවිඩයින් තම ගම් බිම් අතහැර සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාවට පලාගියහ. ඉන් අනතුරුව යුද්ධය උත්සන්න වීමත් සමග මෙම තත්වය වඩාත් වැඩි වර්ධනය විය ..

අද වන විට ඒ බිහිසුණු යුද්ධය අවසන්ව වසර දහයකට ආසන්න කාලයක් ගතව ඇතත් , සරණාගතයින් ලෙස තමිල්නාඩුවට ගිය ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් යලි මව්බිමට පැමිණ ඇත්තේ සුළු පිරිසකි .

දකුණු ඉන්දියාවේ කඳවුරු සියයකට ආසන්න සංඛ්‍යාවක මේ වනවිටද සරණාගතයින් ලෙස ඉතා දුක්ඛිත ජීවිත ගත කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව සංඛ්‍යාත්මකව 35 , 000 ත් 45000 අතර වන බව ඉන්දියානු වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් කඳවුරු වලින් පිටතද මෙම සංඛ්‍යාවටම ආසන්න ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් තමිල්නාඩුව පුරා විසිරී පැතිරී ජීවත්වන බවටද ඉන්දීය මධ්‍යම රජය අනුමාන කරයි.

මේ වනවිට මෙම සරනාගතයින්ගෙන් බොහෝ පිරිසක් යලි මෙරටට පැමිණීමටද අපේක්ෂාවෙන් සිටිති. මේ නිසාම තමිල්නාඩුවේ රැඳී සිටින සියලුම ශ‍්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට ඉන්දීය රජය මේ වනවිට තීරණය කර ඇත. යලි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් දක්වන සරණාගතයින්ට ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි හා නීති ආධාර ලබාදීමටද ඉන්දීය රජය මේ වනවිට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමග පුළුල්ව සාකච්ජා කිරීමට ද සූදානම් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යශය ප්‍රකාශ කර ඇත්තේ . කෙසේ වෙතත මෙම සරණාගතයින් යලි ශ්‍රී ලංකාවට නොපැමිණීමට හේතුවන බාධක කිහිපයක්ම ඇත .මේවා හඳුනාගෙන ඒවාට විසදුම් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතුය . මේ බොහෝ සරණාගතයින්ගේ මෙරට නිවාස ඉඩම් කඩම් සියල්ල මේ වනවිට ඔවුන්ට අහිමිවී ගොස්ය එසේත් නැතිනම් එම ඉඩම්වල අයිතිය ඔප්පු කිරීම සඳහා දැන් ඔවුන් සතුව ලියකියවිලි නැත. ඒවා සියල්ල යුද්ධයත් සමග විනාශ වී ගොස්ය. මෙම ගැටලුවලට විසදුම් ලබාදීම මෙරට බලධාරීන් සතු වගකීමකි.

එසේම ඔවුන්ට යලි මෙරටට පැමිණීමට නොහැකි වීම සඳහා බලපාන නීතිමය ගැටළු කිහිපයක්ද ඇත. එනම් මින් බොහෝ පිරිසකට තවමත් ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නිසි ලෙස ලබා ගැනීමට නොහැකිව තිබීමයි.

ඊට අවශ්‍ය ලියකියවිලි ඔවුන් සතුව නොමැත . මේ හේතුවෙන් යලි මෙරටට පැමිණීමට අවශ්‍ය බලපත් සකස්කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවේ. මෙම ගැටලුවලටද කඩිනම් විසදුම් ලබාදීමට දෙරටෙහිම බලධාරීන් අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ජා වලදී මුලික අවධානය හිමිවිය යුතුය.

ඉන්දියාවේ වෙසෙන මෙම ශ්‍රීලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමෙන් පමණක් හෝ , යලි ශ්‍රී ලංකාවට එවීමෙන් පමණක් ,ඔවුන් මුහුණ දෙන දහසකුත් එකක් සියලු ගැටළු වලට පිළිතුරු නොලැබෙන බවනම් මෙහිදී අවධාරණය කල යුතුය.

ඉන්දියාව තුල පුරවසිභාවය ලැබුවද මෙම ජනතාවගේ ජීවන තත්වය නැංවීම සඳහා තවත් විශාල වැඩකොටසක් සිදුකිරීමට ඉතිරිව ඇත.

ශ්‍රී ලාංකික සරණාගතයින්ට වෙන්වූ කඳවුරු ප්‍රධාන වශයෙන් තමිල්නාඩුවේ ග්‍රාමීය ප්‍රදේශ වල පිහිටා ඇත . මෙම කඳවුරුවල තත්වය ඉතා කණගාටුදායකය . බොහෝ කඳවුරුවල ජීවත්වීම සඳහා අවශ්‍ය අවම පහසුකම් පවා නොමැති තරම්ය . ජල හිඟය මෙම කඳවුරු වල වෙසෙන්නන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවකි. විශේෂයෙන්ම පානීය ජලප්‍රශ්නය හේතුවෙන් මෙම සරණාගතයින් නිරන්තරව බරපතල ලෙස පීඩා විදීති .

මෙම සරණාගත කඳවුරුවල සනීපාරක්ෂක පහසුකම්ද ඉතා අවම මට්ටමක පවතී .මේ නිසා මෙම කඳවුරු ආශ්‍රිතව වසංගත රෝගද බහුලව දක්නට ඇත.

කඳවුරු වල වෙසෙන දරුවන්ට අධ්‍යාපන පහසුකම්ද අවමය. මෙම ජනතාවට යම් සහන ලබාදීම සඳහා ඉන්දීය රජය යම් වැඩසටහන් දියත්කර ඇති නමුත් ඒවා ප්‍රමාණවත් නොවන බව කණගාටුවෙන් හෝ කිවයුතුව ඇත.

ඉන්දීය රජය මේ වනවිට මෙම සරණාගතයින් හට මුල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එසේම මොවුන්ට නිවාස ලබාදීමේ වැඩසටහනක්ද රජය විසින් ආරම්භ කිරීමට සුදානම්වේ .නමුත් මෙම වැඩසටහන් තවම ඇත්තේ ආරම්භක අවදියේය .එසේම මෙම සරණාගත කඳවුරු වල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසකගේදුක සැප සොයා බැලීම ඉන්දීය රජයට වුවද ලෙහෙසි පහසු කරුණක් නොවන බව අපද වටහා ගත යුතුය.

මේ සියලු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජයද හැකි පමණින් දායකත්වය ලබා දියයුතුව ඇත. එසේම මෙරටට යලි පැමිණෙන සරණාගතයින් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කල යුතුව ඇත. එම පිරිස් මෙරටට පැමිණි පසු තම ජීවිත යලි මුල සිටම ආරම්භ කලයුතුය . ඒ අනුව ඔවුන්ට තම ජීවිත ඔවුන්ගේ මව්බිම තුල යලි ගොඩනගා ගැනීම සඳහා රජය පුර්ණ සහය ලබා දිය යුතුය.

එසේම ජගත් සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානද මෙම ගැටලුවට මීට වඩා මැදිහත් විය යුතුමය. විශේෂයෙන්ම මෙම සරණාගතයින් අතරින් යලි මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින පිරිස් සඳහා ඊට අවශ්‍ය පහසුකම් සැලැස්වීමට මෙවැනි ප්‍රබල හා ශක්තිමත්ජා ත්‍යන්තර සංවිධානවල සහය අත්‍යාවශ්‍යවේ.

එසේම මෙම සරණාගතයින්ගේ ජීවන තත්වය ඉහල නැංවීම සඳහාද මෙම ජාත්‍යන්තර සංවිධාන දැනට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුමය .

ඉන්දියාවේ වෙසෙන මෙරට සරණාගතයින් මුහුණ දෙන ගැටළු හා ඒවාට විසදුම් යෝජනා ගැනනම් තවත් පිටු ගණනාවක් ලිවිය හැක. එතරම්ම මෙම ගැටලුව සංකීර්ණය ,

දශක තුනකට අධික කාලයක් පුරා පැවති යුධ අරගල හේතුවෙන් ,තමන්ගේ නිවාස දේපල , හැදී වැදුණු ගම් බිම් නෑසිය මිතුරන් පමණක් නොව තම උපන් බිමද අහිමිවූ මේ අසරණ ජනතාවට, ප්‍රමාද වී හෝ සාමයේ සැබෑ ප්‍රතිලාභ භුක්ති විඳීමට සැලැස්වීම අප සැමගේ වගකීමකි.

පැතුම් වික්‍රමරත්න

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී