BREAKING NEWS

Share now!

පැතුම් වික්‍රමරත්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් සක්‍රීය ලෙස දේශාපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබෙන බවද වාර්තාවේ.

එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණාත්මක සාකච්ජාවක් හෙට දින පැවැත්වෙන අතර ඒ සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වනු ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment