BREAKING NEWS

Share now!

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය දෙකක විසදුමක් හෝ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමක් පිළිබඳව තම පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ කිසිසේත්ම සඳහන් නොකෙරුණු බව බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්‍ෂය අවධානරණය කර සිටී.
මේ පිළිබඳව පැහැදිලි කිරීමක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත කොන්සර්වේටිව් පක්ෂය විසින් ලබාදී ඇති බවද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තම ප්‍රකාශනයේ අඩංගු වාක්‍යයක් පිළිබඳව වැරදි වැටහීමක් ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති බවත්, තම ප්‍රකාශනයේ ද්වි රාජ්‍ය විසදුමක් යෝජනා කර ඇත්තේ මැද පෙරදිග ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්භන්ධව වන බවත් කොන්සර්වේටිව් පක්ෂය දැනුම් දී ඇති බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට ද්වි රාජ්‍ය විසදුමක් අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ කොන්සර්වෙටිව් පක්ෂය යෝජනා කර නොමැති අතර එය ඔවුන්ගේ මතය නොවන බවද එම පක්ෂය කල පැහැදිලිකිරීමෙන් තහවුරු වූ බව අමාත්‍ය්නාශය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment