BREAKING NEWS

Share now!

පැතුම් වික්‍රමරත්න

දුම්වැටි සඳහා වන බදු ඉහල නැංවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව දුම් වැටියේ දිගට අනුපාත වන පරිදි රුපියල් 1.68 සිට 6.15 දක්වා අගයකින් මෙම බදු ඉහල නැංවේ,

මහා භාණ්ඩාගාරය මේ සම්භන්ධව සුරා බදු පනත යටතේ නියෝගයක් නිකුත් කර ඇත.

පසුගිය දෙසැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබාදී ඇති බවද වාර්තාවේ.

රජය විසින් වැට් බදු හා ජාතිය ගොඩ නැගීමේ බදු පහත හෙලීමට සමානුපාතිකව මෙම බදු ඉහල නැංවීම සිදුකර ඇත.

ඒ හේතුව මත දුම්වැටි මිල ඉහල නැංවීමට කටයුතු නොකරන බව දුම්කොළ සංස්ථාව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment