නවතම පුවත්

පැහැසරණිය වෙනුවෙන් තාරාවෝ ඉගිල්ලෙති දෙසැම්බර් 10 පේරාදෙණියේ එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පිඨයේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණය පීඨ ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරනු ලබන “තාරාවෝ ඉගිල්ලෙති” වේදිකා නාට්‍ය 2019 දෙසැම්බර් මස 10 වන දින ප.ව. 6.30 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහාචාර්ය එදිරිවීර සරත්වන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී වේදිකාගත වීමට නියමිතයි. එය නැරඹිමට ඔවුන් සැමට ආරාධනා කරනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍යයින් විසින් වාර්ෂිකව  සංවිධානය කරනු ලබන “පැහැසරණි” සමාජ සත්කාරක වැඩසටහනෙහි අරමුණ වනුයේ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දුෂ්කර පාසල යටිතල පහසුකම් නගා සිටුවීමත් අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ වැනි කඩයිම් විභාග වලට පෙනී සිටින පාසල් සිසුන්ට සම්මන්ත්‍රණ මාලා පැවැත්වීමත්, පිඨයේ සිටින ආර්ථික අපහසුතා ඇති ශිෂ්‍යයින්ට ශිෂ්‍යාධාර ලබා දීම හා නන් අයුරින් රට තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමය.
හත්වන වරටත් සංවිධානය කරනු ලබන මෙවර “පැහැසරණි” සමාජ සත්කාරක වැඩසටහන හරහා මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හල්ඔය කණිෂ්ඨ විද්‍යාලයට රු, 2,000,000 ක වියදමින් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය හා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීමට අදාළ මූලික වැඩ ප්‍රමාණය මේ වන විට ආරම්භ කොට ඇත. ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම අරමුණින් ලූෂන් බුලත්සිංහල මහතාගේ නිෂ්පාදනයක් වන “තාරාවෝ ඉගිල්ලෙති” වේදිකා නාට්‍ය 2019 දෙසැම්බර් මස 10 වන දින ප.ව. 6.30 ට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහාචාර්ය එදිරිවීර සරත්වන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී වේදිකාගත වීමට නියමිතයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි