නවතම පුවත්

වාර්තා පිට වාර්තා බිහිවන 13 සාග් ක්‍රීඩා උළෙල – 2004 වසරේ වාර්තා බිද දමයි – නිලානි දෙවන රන් පදක්කමත් දිනා ගනි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හි සිව්වැනි දිනය අද (06)  සාර්තකව නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් SAG වාර්තාවක් සමඟින් රන් පදක්කම් 3ක්, රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරමිනි.

මීටර් 100×4 ඉසව් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිනයේ වැඩි අවධානය දිනා ගන්නට සමත් වුනේ ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමිනි.

හිමාෂ ඒෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය සහ යුපුන් ප්‍රියදර්ශන මීටර් 100×4 ඉසව්ව සඳහා සහභාගී වූ අතර ඉසව්ව සාර්ථකව ආරම්භ කළ හිමාෂ විසින් ලබා දුන් පෙරමුණ යුපුන් අති සාර්ථකව රන් පදක්කමකින් අවසන් කළේය. ඔවුන්ගේ වාර්තාගත කාලය ලෙස දැක්වූයේ තත්පර 39.14ක්.

මේ සමඟින් 2004 වසරේ පාකිස්තානයේ ඉස්තාන්බුල් අගනුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉන්දියාව විසින් තබා තිබූ තත්පර 39.91ක වාර්තාව වසර 15කට පසුව බිඳී යෑම විශේෂත්වයක්.

එමෙන්ම කාන්තා මීටර් 100×4 ඉසව්ව සඳහා සහභාගී වූ ලක්ෂිකා සුගන්ධි, සාරංගි ද සිල්වා, සදීපා හෙන්ඩර්සන් සහ අමාෂා ද සිල්වා තත්පර 44.89ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය.

මෙම කණ්ඩායම නියෝජනය කළ ලක්ෂිකා මේ වන විට පදක්කම් 3ක් (100×4 – රන්, 100m – ලෝකඩ, 100m කඩුලු – රන්) දිනා ගෙන සිටින අතර සාරංගි (දුර පැනීම – රන්) සහ අමාෂා (100m – රිදි) ද පදක්කම බැගින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා විසින් දිනා ගත් දෙවැනි පදක්කම වාර්තා වූයේ මීටර් 5000 ඉසව්වෙනි. මිනිත්තු 16:55.18ක කාලයක් වාර්තා කරමින් නිමාලි රත්නායක රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. ඇය මෙම තරගාවලියේ දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 1500 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගත්තේ ඇය විසිනි.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී රිදි පදක්කම ශ්‍රී ලංකාව දිනා දෙන්නට කෞෂල්‍යා මධුෂානි සමත් විය. එහි දී ඇය විසින් මිනිත්තු 1:00.40 කාලයක් වාර්තා කරද්දී ඇයට වඩා මිලි තත්පර දෙකකින් පෙරමුණ ගත් පාකිස්තානු ක්‍රීඩිකා නජ්මා පර්වීන් රන් පදක්කමට උරුමකම් කීවාය. ඉන්දීය ක්‍රීඩිකා වීපාල් කලූර් (මිනිත්තු 1:01.38) ලෝකඩ පදක්කම දිනා ගත්තා. කාන්තා යගුලිය විසි කිරීමෙනුත් ශ්‍රී ලංකාව රිදියෙන් බැබළුනේ තාරිකා ප්‍රනාන්දු විසින් ජයග්‍රහණය කරනු ලැබූ රිදි පදක්කම නිසාවෙනි. ගියවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ඇය විසින් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව අද දිනයේ දිනා ගත් එකම ලෝකඩ පදක්කමේ හිමිකාරියා වූයේ ආදි සාන්ත සෙබස්තියන් ක්‍රීඩක සමිත් ප්‍රනාන්දු විසිනි. ඔහු විසින් යගුලිය මීටර් 15.55 දුරක් විසි කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය ජයග්‍රහණය කළේය. පසුගිය දා නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඔහු විසින් තැබූ තරග වාර්තාව මෙහි දී ඔහු විසින් සම කිරීමට සමත් විය.

කෙසේ නමුත් මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ අසංක ඉන්ද්‍රජිත්, මීටර් 5000 ඉසව්ව නියෝජනය කළ ආර්. එම්. එස්. පුෂ්පකුමාර සහ කුමාර් ශම්මුගේෂ්වරන් අද දිනයේ පදක්කම් සිහින යථාර්ථයක් කර ගන්නට නොහැකි විය. 

ඒ අනුව, තරගාවලියේ සිව්වැනි දිනය නිමා වන විට මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 26ක් වන අතර ඊට රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළත්.

අද දිනය නිමාවන විට  සමස්ථ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසු වෙනවා.

ඉන්දියාවේ සිටින ජනගහනයත් සමග සාපේක්ෂව සැසදීමේදී ඉන්දියාව මේ වන විට ලබා තිබෙන සමස්ත පදක්කම් ප්‍රමාණය 136 ක් වේ ශ්‍රී ලංකාවේ කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයත් සමග ශ්‍රී ලංකාව ලබා ඇති පදක්කම් ප්‍රමාණය 113 ක් වේ ඒ අනුව බලධාරීන්ගේ නිසි අවධානය යොමු වේ නම් මෙරට මලළ ක්‍රීඩාව මීට වඩා උසස් වනු ඇත. මෙවර රන් පදක්කම් 35 ක ඉලක්කයක් ඇති බව මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානින් කියා සිටියා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි