නවතම පුවත්

අතේ පත්තුවෙච්ච ස්විස් නාඩ­ගම

අසංක

අසංක

ගයාන් කුමාර වීරසිංහ

ස්විට්ස­ර්ල­න්තය සැල­කෙන්නේ ලෝකයේ උප­රිම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් මෙන්ම මානව හිමි­කම් රජ­යන රටක් ලෙසිනි. එහෙත් මේ රට අපේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පම­ණක් නොව, මානව හිමි­කම්ද දැඩිව මේ වන විට උල්ලං­ඝ­නය කර හමා­රය. ඒ ඔවුන්ගේ මෙරට තානා­පති කාර්යා­ලයේ සේවයේ නිර­තව සිටින නිල­ධා­රි­නි­යක සුදු වෑන් රථ­ය­කින් පැහැ­ර­ගෙන ගොස් ලිංගික අඩ­ත්තේ­ට්ටම් කර­මින් හිරි­හැර කළ බවට ව්‍යාජ චෝද­නා­වක් ඉදි­රි­පත් කර­මිනි. එම චෝද­නාව ව්‍යාජ එකක් බව පොලිස් විම­ර්ශ­න­ව­ලින් පැහැ­දි­ලි­වම සාක්ෂි සහි­තව හෙළි වනවිට අපට වර­දක් වූයේ යැයි කිය­නවා වෙනු­වට ඔවුන් තව­දු­ර­ටත් උත්සහ දරන්නේ සුදු වෑන් රථ­ය­කින් සිය තානා­පති කාර්යා­ලයේ සේවි­කා­වක පැහැ­ර­ගත්තේ යැයි ලෝකය හමුවේ සනාථ කර­න්න­ටය.

ඒ වෙනු­වෙන් මේ වන විටත් තානා­පති කාර්යා­ලය නොගත් උත්ස­හ­යක් නැති තරම්ය. පැහැ­ර­ගැ­නී­මට ලක් වුණු නිල­ධා­රි­නි­ය­ගෙන් පොලී­සි­යට කට­උ­ත්ත­ර­ය­ක්වත් ගැනී­මට ඉඩක් දෙන්නේද නැත. ඒ අය දැන් උත්සහ දරන්නේ ඇය හොර රහසේ රටින් පන්නා ස්විට්ස­ර්ල­න්ත­යට රැගෙන යන්න­ටය. ඒ වෙනු­වෙන් ඒ අය විශේ­ෂිත ගුවන් යානා­වක් පවා සූදා­නම් කළහ. ඒ අසාධ්‍ය රෝගීන් රැගෙන යන ගුවන් ගිලන් රථ­යකි. ඒ සැල­සුම බිඳ වැටෙන්නේ කල්ති­යාම ඒ ගැන අපේ රජයේ බුද්ධි අංශ­ව­ලට තොර­තුරු ලැබීම නිසාය. එසේ නොව­න්නට එම නිල­ධා­රි­නිය පවුල් පිටින්ම මේ වන විට සිටින්නේ ස්විට්ස­ර්ල­න්ත­යේය.

අපේ රටේ නීති­ය­ටත් පර­මා­ධි­ප­ත්‍ය­ය­ටත් නිගා කරන ලද එම පැහැර ගැනීමේ නාට­කය තිර­ගත වන්නේ දේශ­පා­ලන පෙර­ළි­යත් සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සමූහ මංකො­ල්ල­කෑම් විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිශාන්ත සිල්වා සිය අඹු දරු­වන් සමඟ ස්විට්ස­ර්ල­න්ත­යට පලා­ය­මිනි.

දැනට හෙළි වෙමින් ඇති අකා­ර­යට අනුව ඔහුට ඒ සඳහා පහ­සු­කම් සපයා ඇත්තේ සුදු වෑන් රථ­ය­කින් පැහැ­ර­ගැ­නී­ම­කට ලක් වී ලිංගික අඩ­ත්තේ­ට්ට­ම්ව­ලට ලක් වුණු බව කියන ස්විස් තානා­පති කාර්යා­ලයේ සේවි­කා­වය. සියල්ල සිදු වන්නේ පිට­ප­ත­කට අනු­වය. එම පිට­පත ලියුවේ කවු­රුන් වූවත් එහි දෝෂ ගොන්නකි. ස්විස් තානා­පති නිල­ධා­රි­නි­යගේ සුදු­වෑන් කථාව අතේ පත්තු වූ බේග­ල­යක් ද යන්න සැක මතු වන්නේ එබැ­විනි.

එම නිල­ධා­රි­නිය ස්විට්ස­ර්ලන්ත ජාති­ක­යෙකු හෝ වෙනත් විදේ­ශිය ජාති­ක­යෙකු නොවන බව පැහැ­දි­ලි­වම හෙළි වී හමා­රය. ඇය කොළඹ උපන් කොළඹ හැදී වැඩුණු ශ්‍රී ලාංකික කාන්තා­වකි. ඇය ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ සේව­යට මෙර­ටින් බද­වා­ගත් තැනැ­ත්ති­යකි.

ඇය පැහැ­ර­ගත්තේ යැයි කියන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිශාන්ත සිල්වා මෙර­ටින් පලා­ගොස් පැය විසි හත­ර­කට පසු­වය. ඒ නොවැ­ම්බර් 25 වැනිදා සවස් කාල­යේ­දීය.

ඇගේ පැහැ­ර­ගැ­නීම ගැන අපේ රටේ බල­ධා­රීන් දැන­ගන්නේ තානා­පති කාර්යා­ලය උපුටා දක්ව­මින් වෙබ් අඩ­වි­වල සහ ජාත්‍ය­න්තර මාධ්‍ය­වල ඒ ගැන වාර්තා පළ කර තිබී­මෙනි. ඒ වන තුරුත් ඇගේ පැහැ­ර­ගැ­නීම ගැන කිසිදු පැමි­ණි­ල්ලක් මෙරට පොලී­සි­යක නොවීය. අඩුම තර­මින් ස්විට්ස­ර්ලන්ත තානා­පති කර්යා­ල­යෙන් මෙරට බල­ධා­රි­යෙ­කු­ට­වත් ඒ ගැන දැනු­ම්දී­මක් කර තිබුණේ නැත. මාධ්‍ය වාර්තා පද­නම් කර­ග­නි­මින් එම පැහැ­ර­ගැ­නීම ගැන තානා­පති කාර්යා­ල­යෙන් විම­සන්නේ අපේ රටේ බල­ධා­රී­හුය.

එහෙත් තානා­පති කාර්යා­ල­යෙන් ඊට මුල් අව­ස්ථා­වේදී නිසි පිළි­තු­රක් නොවීය. ඒ ගැන යමක් ඔවුන් සඳ­හන් කරන්නේ නම් ඒ දිගින් දිග­ටම මෙරට බල­ධා­රීන් කළ පෙරැත්ත මතය. එහෙත් ඔවුන් වින්දිත තැනැ­ත්ති­යගේ අන­න්‍ය­තාව සැඟ­වූයේ ඇය­වත් ඇගේ සැමියා සහ දරු දෙදෙ­නා­වත් තානා­පති කාර්යා­ලයේ රඳ­වා­ගෙ­නය.

එම පැහැ­ර­ගැ­නීමේ කතාව ජාත්‍ය­න්ත­රය තුළ අපේ රටට එල්ල වන කළු පැල්ල­මක් බවට පත් වෙමින් තිබි­යදී බල­ධා­රීන් වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට දැනුම් දෙන්නේ වහාම ඒ පැහැ­ර­ගැ­නීම ගැන පුළුල් විම­ර්ශ­න­යක් පව­ත්වන ලෙස­ටය. ඒ අනුව පරී­ක්ෂණ කට­යුතු භාර­වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටය.

එහි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඩබ්ලිව්. තිල­ක­රත්න යන මහ­ත්ව­රුන් ඒ වග­කීම පව­රන්නේ සහ­කාර පොලිස් අධී­කාරී ලොකු­හෙට්ටි මහතා යටතේ ඇති මිනී­මැ­රුම් විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංජිත් මුණ­සිංහ මහ­තා­ටය.

ඔහු ඇතුළු නිල­ධා­රීන්ට ස්විස් තානා­පති කාර්යාල සේවි­කාව පැහැර ගැනීම ගැන විම­ර්ශන පව­ත්ව­න්නට සිදු වන්නේ අඳුරේ අත­පත ගෑමක් ලෙසිනි. ඒ ඇය කවු­රුන්ද? ඇයව පැහැර ගත්තේ කොතැ­න­ක­දීද? යන්න වග­ක්වත් නොදැ­නය. තානා­පති කාර්යා­ලය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට සනාත කරනු ලබන්නේ පැහැර ගැනී­මක් සිදුවූ බව පමණි. ඊට එහා විම­ර්ශන කට­යුතු සදහා කිසිදු සහා­යක් තානා­පති කාර්යා­ල­යෙන් නොවීය.

අපේ රටේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය රාජ්‍ය තාන්ත්‍රික මැදි­හත් වීමක් ස්විස් රජය සමඟ සිදු කරන්නේ මෙවන් වාතා­ව­ර­ණ­යක් හමු­වේය. මෙරට ස්විස් තානා­ප­ති­ව­ර­යාගේ අස්ස­නින් එම පැහැර ගැනීම ගැන තානා­පති කාර්යා­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙකු වන රාහුල් අන්බාජ් මහතා විසින් ලිඛිත පැමි­ණි­ල්ලක් පසු­ගිය 27 වැනිදා ඉදි­රි­පත් කරන්නේ ඒ අනු­වය.

එහෙත් එහි කිසිදු තැනක පැහැර ගැනී­මට ලක් වුණු නිල­ධා­රි­නි­යගේ අන­න්‍ය­තාව හෙළි කර තිබුණේ නැත. සද­හන් වූයේ 25 වැනිදා සේවය නිම­කොට සවස 4-15 ට පමණ ඇය කුලී රථ­ය­කින් සිය දරු­දෙ­දෙනා අධ්‍යා­ප­නය ලබන විද්‍යා­ලයේ මවු­පිය රැස්වී­ම­කට සහ­භාගි වීමට ගොස් නිව­සට යමින් සිටි­යදී පාසල ආස­න්න­යේදී පැහැ­ර­ගැ­නීම සිදු වී ඇති බවය. එම ලිඛිත පැමි­ණිල්ලේ ස්ථානය දැක්වෙන ගූගල් සිති­ය­මක්ද අමුණා තිබිණි. ඇය පැහැ­ර­ගන්නේ සුදු­පැ­හැති වෑන් රථ­ය­කින් පැමිණි පස් දෙනෙකු බවත් ඒ අය සී.අයි.ඩී. නිල­ධා­රීන් ලෙස සිය අන­න්‍ය­තාව සද­හන් කර ඇති බවත්, ලිංගික අඩ­ත්තේ­ට්ටම් කර­මින් නිශාන්ත සිල්වා නැමැති අයෙ­කුට වීසා ලබා­දීම ගැන ප්‍රශ්න කර පැය කිහි­ප­ය­කට පසු මුදා හැර ඇති බවත් එම පැමි­ණිල්ලේ සඳ­හන් විය.

තානා­ප­ති­ව­ර­යාගේ එම පැමි­ණිල්ලේ කරුණු එම පැහැ­ර­ගැ­නීම ගැන මූලික විම­ර්ශ­න­යක් ආරම්භ කිරී­මට ප්‍රමා­ණ­වත් වූවත් විම­ර්ශන ඇරැ­ඹී­මට වින්දිත කාන්තා­වගේ ප්‍රකා­ශ­යක් සවි­ස්ත­රව ලබා­ගැ­නීම මෙන්ම ඇය කවු­රු­න්දැයි පැහැ­දි­ලි­වම හදු­නා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට අවශ්‍ය විය.

ඒ වෙනු­වෙන් ඉල්ලීම් කිහි­ප­යක්ම කර­මින් තානා­ප­ති­ව­රයා අවස්ථා කිහි­ප­ය­ක­දීම හමු­වූ­වත් ඇය මුණ­ගැ­ස්ස­වීම කෙසේ වෙතත් ඇගේ අන­න්‍ය­තා­ව­වත් හෙළි­ක­ර­න්නට තානා­පති කාර්යා­ලය සූදා­නම් වූයේ නැත.

ඇගේ අන­න්‍ය­තාව විම­ර්ශ­න­යක් ඔස්සේ හෙළි කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කරන්නේ ඒ අනු­වය. ඒ සඳහා ඔවුන්ට මඟ පෑදෙන්නේ පැහැ­ර­ගැ­නී­මට ලක්වූ තානා­පති කාර්යාල සේවි­කා­වගේ දරු­වන් අධ්‍යා­ප­නය ලබන පාසලේ නම තානා­ප­ති­ව­ර­යාගේ පැමි­ණිල්ලේ සඳ­හන් වී තිබී­මය. එම පැමි­ණිල්ලේ ඇත්තේ ළම­යින් දෙදෙ­නාගේ පාසලේ මවු­පිය රැස්වී­මක් සඳහා ඇය ගිය බවකි.

ඒ අනුව පැහැ­දිලි වන්නේ පැහැර ගැනී­මට ලක් වුණු දරු­වන් දෙදෙනා එම විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන බවකි. ඒ ඔස්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් තීර­ණය කරන්නේ එම පාසලේ අධ්‍යා­ප­නය ලබන දරු­ව­න්ගෙන් ස්විස් තානා­පති කාර්යා­ලයේ සේවයේ නිර­තව සිටින මවු­පි­යන් සිටින දරු­වන් සොයා­ගැ­නී­මය.

එය එත­රම් ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවූ­වත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පාසල් පරි­පා­ල­න­යෙන් ලැබෙන්නේ විශාල සහ­යකි.

පැහැ­ර­ගත්තේ යැයි කියන තානා­පති කාර්යාල සේවි­කා­වගේ අන­න්‍ය­තාව හෙළි වන්නේ ඒත් එක්ක­මය.

ඇය ගානියා බැෆ්ස්ටර් ෆැන්සිස්ය. පදිංචි වී සිටියේ මර­දාන මාලි­ගා­කන්දේ පිහිටි තට්ටු නිවාස සංකී­ර්ණ­ය­කය. සැමියා බැංකු නිල­ධා­රි­යෙකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඒ නිව­සට යන්නේ ඔවුන් ගැන වැඩි යමක් සොයා­ග­න්න­ටය. ඒ වන විටත් තිබෙන්නේ නිවස වසා­ද­මාය. නිවාස සංකී­ර්ණයේ මුර­කරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පව­සන්නේ “ නෝනලා රට ගියා“ යැයි කියාය.

ඇගේ මවු­පි­යන් පදිංචි වී සිටින්නේ ද ඒ කිට්ටුව පාතක පිහිටි තට්ටු නිවාස සංකී­ර්ණ­ය­කය. එම නිව­සද සොයා­ගෙන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු ගියහ. “දුවලා ඇදුම් අර­ගෙන රට ගියා“ මුර­කරු කී ප්‍රකා­ශය ඇය සනාථ කළාය.

ඒ ප්‍රකාශ දෙකෙන්ම පැහැ­දිලි වන්නේ තානා­පති සේවි­කාව සිය පවුල පිටින්ම රට යෑමේ සැල­සු­මක් ක්‍රියා­ත්මක වී ඇති බවය. මේ අතර බුද්ධි අංශ යම් තහ­වුරු කිරී­මක් කරන්නේ ස්විස් පැන­ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිශාන්ත සිල්වා සහ පැහැර ගැනී­මට ලක් වූ බව කියන ස්විස් තානා­පති කාර්යාල සේවි­කාව පවුලේ හිත­ව­තුන් බවය.

ඒ අනුව පැහැ­දිලි වන්නේ නිශාන්ත සිල්වා දේශ­පා­ලන රැක­ව­ර­ණය ලබ­මින් ස්විට්ස­ර්ල­න්ත­යට පලා­යෑම සහ තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රි­නිය පැහැ­ර­ගැ­නීමේ කතාව අතර යම් සම්බ­න්ධ­යක් ඇති බවකි. ඒ රට අප­කී­ර්ති­යට පත් කිරීමේ සහ ස්විට්ස­ර්ල­න්ත­යට ඇයත් පැන­යෑම පැහැ­ර­ගැ­නීමේ කතාවේ අර­මුණ විය හැකි බවද විම­ර්ශ­ක­යන්ට පෙනී ගියේය.

මේ අතර ඇය පදිං­චිව සිටි තවත් නිව­සක් ගැන තොර­තුරු හෙළි විණි. එම නිවස පිහිටා ඇත්තේ ජා – ඇළය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු එම නිව­ස­ටද ගියහ. එහෙත් ඒ වන විටත් තිබෙන්නේ එම නිව­සද වසා දමාය.

අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යන්නේ ඇගේ සැමියා ගැන සොයා ඔහු සේවයේ නිර­තව සිටි බැංකුව වෙතය. ඇය පැහැ­ර­ගැ­නී­මට ලක් වූයේ යැයි කී දින සිට ඔහුද සේව­යට පැමිණ නැති බව හෙළි වන්නේ එවි­ටය.

සියල්ල සිදු වී ඇත්තේ සැල­සුම් සහ­ග­තව බව ඒ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පෙනී ගියේය. පැහැ­ර­ගැ­නීම මවා පෑමක් බව පැහැ­දි­ලි­වම සනාථ වන්නේ තානා­ප­ති­ව­ර­යාගේ ලිඛිත පැමි­ණිල්ලේ ඇති ආකා­ර­යට ඇය මවු­පිය රැස්වී­ම­කට සහ­භාගි වීමට පාස­ලට ගියේ යැයි සඳ­හන් වූවත් එවන් මවු­පිය රැස්වී­මක් එදා පාසලේ තිබී නැති බව පාසල් පරි­පා­ල­නය විසින් තහ­වුරු කිරී­මෙනි.

තානා­ප­ති­ව­ර­යාගේ ලිඛිත පැමි­ණි­ල්ලට අනුව ඇය පැහැ­ර­ගෙන ඇත්තේ තානා­පති කාර්යා­ල­යෙන් සවස 4.15ට පිට වී පාසලේ මවු­පිය රැස්වී­මට සහ­භාගි වී පිටත්ව යමින් සිටි­ය­දීය.

තානා­පති කාර්යා­ලය විසින් සද­හන් කළා තොර­තු­රු­ව­ලට අනුව ඇයව පැහැර ගැනී­මට ලක්ව ඇත්තේ සවස 4.30 ත් සවස 6.00 ත් අතර වේලාව තුළ­දීය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පාසල ඇතු­ළත් ඉන් පිට­තත් ඇති සියලු ආර­ක්ෂක කැමරා ඒ කාල­සී­මා­වට අදා­ළව නොව, ඊටත් එහා ගිය කාල­යක් පරී­ක්ෂා­වට ලක් කළද ඇය තබා ඇගේ සෙව­ණැ­ල්ල­ක්වත් එදා පාසල පැත්ත පළා­තක පැමිණ ඇති බව අනා­ව­ර­ණය වන්නේ නැත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන ඒ යැයි කියා හමාර වන්නේ නැත. ඇගේත් සැමි­යා­ගේත් ජංගම දුර­ක­තන අංක පවා සොයා ගෙන විම­ර්ශ­න­ය­කට ලක් කරන්නේ දෙදෙනා අතර ඒ කියන මොහොතේ සිදු වී ඇති දුර­ක­තන සංවා­ද­වල හැසි­රීම ගැන සොයා බල­න්න­ටය.

එහිදී ද පැහැ­දිලි වන්නේ පැහැ­ර­ගැ­නී­ම­කට ලක් වූ බව කියන මොහොතේ ඇය දරු­වන්ගේ පාසල පැත්ත පළාතේ සිට නැති බවය. දුර­ක­තන විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන්නේ ඇය වෙනත් ස්ථාන­යක රැදී සිට ඇති බවකි. ඒ බව තහ­වුරු වන්නේ ඇගේ ජංගම දුර­ක­ත­න­යෙන් එදා ඇය තානා­පති කාර්යා­ල­යෙන් පිටව යන කුළි රථයේ තොර­තුරු සොයා එම කුලී රථයේ ගමන් මඟ ගැන විම­ර්ශ­න­යේ­දීය.

එහිදී හෙළි වන්නේ එදා ඇය කුලී රථයේ නැඟී ගමන් කර ඇත්තේ බම්බ­ල­පි­ටියේ පිහිටි යම් ස්ථාන­ය­කට බවය.

කුලී රථ රියැ­දු­රාගේ සහ කුලී රථයේ ගමන් මාර්ගය සට­හන් වූ ජී.පී.එස්. දත්ත­යන්ට අනුව ඒ තැන සොයා­ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හෙළි කර­ගන්නේ ඇය පැය දෙකෙක පමණ කාල­යක් එදා ගත කර ඇත්තේ එම ස්ථානයේ බවය. ඒ තැන ගුරු­ව­රි­ය­කගේ නිව­සකි. ඇයව පැහැ­ර­ගත්තේ යැයි කියන්නේ ඇය ඒ නිවසේ ගත කර­මින් සිටි­ය­දීය.

ඇය රටින් පිට­මන් කිරීමේ සැල­සු­මක් ක්‍රියා­ත්මක වන්නේ ඒ මහා බොරුව විද්‍යා­ත්මක සාක්ෂි­ව­ලින් එසේ හෙළි වෙමින් තිබි­ය­දීය.

තානා­පති කාර්යා­ලයේ රඳ­වා­ගෙන රැක­ව­ර­ණය දෙමින් තානා­පති කාර්යාල බල­ධා­රීන් පව­සන්නේ ප්‍රකා­ශ­යක් කර­න්නට බැරි තර­මින් දරුණු ලෙස ඇය අස­නීප ව සිටින බවය. ඒ තත්ත්වය ඇති වී තිබෙන්නේ පැහැ­ර­ගැ­නීම නිසා බව කියයි.

තානා­පති කාර්යා­ලය සද­හන් කරන ආකා­ර­යට අනුව ඇය ලිංගික අඩ­ත්තේ­ට්ම්ව­ල­ටද ලක් වි සිටී. එසේ නම් මෙරට නීති­යට අනුව ඇයව අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යෙකු හමු­වට ඉදි­රි­පත් කළ යුතු ය. එහෙත් තානා­පති කාර්යා­ලය මෙරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යට දැනුම් දෙන්නේ වීඩියෝ තාක්ෂ­ණය ඔස්සේ ඇගේ තත්ත්වය ස්විට්ස­ර්ලන්ත වෛද්‍යා­ව­රි­යක විසින් පරී­ක්ෂා­වට ලක් කර ඇති බවය.

ඒ සිය­ල්ලම තානා­පති කාර්යා­ලය සිදු කරන්නේ ඇයව එළි­යට නොදා රටින් පිට කිරීම වෙනු­වෙනි. ස්විස් තානා­පති කාර්යා­ලය ඇය සඟ­වන්නේ ඇය­ටත් තානා­පති මුක්තිය ඇති බව සිතා­ගෙ­නය.

1961 වියානා සම්මු­ති­යට අනුව මේ කියන තැනැ­ත්තිය තානා­පති කාර්යා­ලයේ සේවය කළ පම­ණින් තානා­පති මුක්තිය ලැබෙන්නේ නැත. ඒ ඇයව මෙර­ටින් තානා­පති කාර්යා­ල­යට බඳවා ගනු ලැබු සේවි­කා­වක වන බැවිනි. ඇය වග­කිව යුත්තේ සහ හිස නැමිය යුත්තේ මෙරට නීති­ය­ටය. ඇය මේ කරන්නේ තානා­පති කාර්යා­ලයේ සහාය ඇතිව නීති­යෙන් රිංගා සෙල්ලම් කිරී­මකි.

ඒ සෙල්ලම ගැන දැන දැනත් දිගින් දිග­ටම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් තානා­පති කර්යා­ල­යෙන් ඉල්ලා සිටි­න්නට වූයේ සැබෑ තත්ත්වය ගැන ඇගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට ඉඩ ලබා­දෙන ලෙසය. තානා­පති කාර්යා­ලය තුළ තානා­පති නිල­ධා­රීන් ඉදි­රියේ එම ප්‍රකා­ශය සට­හන් කර­ගැ­නී­මට පවා සූදා­නම් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පැව­සූ­වත් ඊට යහ­පත් ප්‍රති­චා­ර­යක් නොවුණු තැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිහිට පතන්නේ අධි­ක­ර­ණ­යේය.

ඒ සැමියා සහ දරු­වන් දෙදෙනා සමග ගිලන් ගුවන් යාන­ය­කින් ඇයව මෙර­ටින් පැන්නීමේ සැල­සු­මක් ගැන තොර­තුරු ලැබෙ­න්නට වූ බැවින් ඇය එසේ මෙර­ටින් පිටව යන්නට පෙර පැහැ­ර­ගැ­නීම ගැන ඇගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ග­න්න­ටය.

ගානියා බැනි­ස්ටර් ෆැන්සිස් නැමැති තානා­පති කාර්යාල සේවි­කා­වට අධි­ක­ර­ණයේ අව­ස­ර­ය­කින් තොරව රටින් පිටව යෑම තහ­නම් කර­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙනෙ­විය විසින් නියෝ­ගක් පන­වන්නේ ඒ අනු­වය. ඒත් එක්කම ඇයට තවත් නියෝ­ග­යක් කරන්නේ ලබන 09 වෙනි­දාට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙසය.

දැන් මේ නාට­කයේ තිර­පි­ට­පත සැකසූ තැනේ සිට නළු නිළි­යන් සියලු දෙනා­ටම වැඩ වැරදී ගොස් හමා­රය. ගානියා බැනි­ස්ටර් ෆ්‍රැන්සිස් ඇගේ සැමියා සහ දරු­වන් දෙදෙ­නාව රැගෙන යන්නට මෙර­ටට පැමි­ණෙ­මින් තිබුණු ගිලන් ගුවන් යානා­වට පවා හරවා යන්නට සිදු විය.

ඒ එම යානාව ගොඩ බැස්ස­වී­මට නිසි අව­ස­ර­යක් නොලැ­බුණු තැනය. අපේ රටේ නීති­ය­ටත් පර­මා­ධි­ප­ත්‍ය­ය­ටත් බල­පෑ­මක් කර­මින් නීති විරෝධි මෙන්ම සදා­චාර විරෝධි ලෙස රට අප­කී­ර්ති­යට පත් කිරී­මට සූදා­නම් වූවෝ සියල්ලු දෙනාම දැන් සිටින්නේ ඇටි කෙසෙල් කෑ උගු­ඩුවෝ ලෙසිනි.

ජර්ම­නියේ ශ්‍රී ලංකා තානා­පති කරු­ණා­සේන හෙට්ටි­ආ­රච්චි මහතා ස්විට්ස­ර්ලන්ත බර්න් නුව­රට කැඳ­ව­මින් ස්විස් විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ රාජ්‍ය ලේකම් පැස්කාල් බේරි­ස්විල් මහ­ත්මිය පැහැර ගැනීම ගැන මෙරට සිදු වන විම­ර්ශන ගැන තොර­තුරු විම­ස­මින් නීත්‍ය­නු­කූල ක්‍රියා­ව­ලි­යක් මඟින් සිද්ධිය සම­ථ­ය­කට පත් කර­ගැ­නී­මට බලා­පො­රො­ත්තු­වන බව පවසා ඇත්තේද දැන් ඒ අයද සැබෑව දන්නා නිසාම විය හැකිය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී