BREAKING NEWS


Share now!

පැතුම් වික්‍රමරත්න

පසුගිය රජය සමයේ රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලවල ක්‍රියාකළ සාමාජිකයින් රැසක් තවමත් එම තනතුරු වලින් ඉවත්නොවී බලහත්කාරයෙන් මෙන් එම රැදී සිටින බව වාර්තාවේ.

ඒ අනුව එම අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට එම තනතුරුවලින් වහා ඉවත්වන්නැයි ආණ්ඩුව යළි දැනුම්දීමක් කර ඇති බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා ඉකුත් දා දැනුම් දුන්නේ රාජ්‍ය ආයතනවල මෙන්ම සංස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට ද එම තනතුරුවලින් ඉවත් වන ලෙසය.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට අයදුම් කිරීමේ අවස්ථාව ආණ්ඩුව විසින් ඉකුත් දා ලබා දෙන ලදී.