නවතම පුවත්

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අත්අඩංගුවට ගන්න යද්දී වෙච්ච දේ

අසංක

අසංක

ආන්දෝලනයකට තුඩුදුන් ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට ලක්වූ බව කියන කාන්තාව පරස්පර විරෝධී ප්‍රකාශ ලබාදීම හේතුවෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවත් ඇය කෙලින්ම අධිකරණය වෙත ඉදිරිපත් කොට එහි නියෝග අනුව පමණක් කටයුතු කළ යුතු බවට පොලීසිය දන්වා තිබේ.

ඇය අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ගොස් තිබූ අතර දින තුනෙහිම සිය ප්‍රකාශ තුළින් ඇය පැහැරගත් ස්ථානය පිළිබඳ හා තවත් කරුණු කිහිපයක් තුන් ආකාරයක් ගෙන තිබු අතර ඇයගේ ප්‍රකාශය තුළම පරස්පරතා මතුවී තිබුණි.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී ගොස් ඇත්තේ පෙරදී ලද තොරතුරු හා ඇය වරින් වර වෙනස් කරමින් පවසන තොරතුරු එකිනෙකට වෙනස් බවය.

විශේෂයෙන් ඇය පැහැරගත් බව කියන ස්ථානය පෙර පවසා තිබුණේ දරුවාගේ පාසල අසලදී වුවද එය ඇය විසින්ම පසුව බම්බලපිටියෙදි බවත් ය. අද එම කරුණම වෙනසකට ලක්කර පවසා ඇත. දින 3දී දුන් ප්‍රකාශ තුළ තමන් පැහැරගත් ස්ථානය ඇය තුන් ආකාරයට පවසා තිබේ.

ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්