නවතම පුවත්

සම්බා හා නාඩුවලට උපරිම සිල්ලර මිලක්

අසංක

අසංක

සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිලකට අද සිට නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වී තිබේ.

ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටත්, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් ලෙස උපරිම සිල්ලර මිල සීමාවක් පනවා ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ ඇත.

මෙම තීරණයත් සමග දැනට ඉහළ මිලකට අලෙවි වන සහල් මිල යළි පහළ යනු ඇති බව පැවසේ.

මෙම උත්සවය සමයේ දී සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාවට එම මිලට හිගයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව හෙට සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය කියයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි