නවතම පුවත්

පකිස්ථානය ගොඩනගන්න සෞදියෙන් ඇ.ඩො.බිලියන 20ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාකිස්තානයේ දුර්වල ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සඳහා එරට සමග ඇ.ඩො.බිලියන 20ක ආයෝජන ගිවිසුමකට පැමිණීමට සෞදි අරාබිය කටයුතු කර තිබේ.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සිදුකළ නිල සංචාරය අතරතුර මෙම ගිවිසුමට පැමිණ ඇත. මෙම ගිවිසුමට ග්වාදාර් නගරයේ ඇ.ඩො.බිලියන 8ක් වටිනා තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජිතය.

පාකිස්තානය ආර්ථික අර්බුදයක පසුවන අතර, ඔවුන්ගේ විදේශ සංචිත මේ වනවිට ඇ.ඩො.බිලියන 8 දක්වා අඩුවී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව, ඔවුන් මේ වනවිට විදෙස් ආධාර පතමින් සිටින අතර, පාකිස්තානයේ සමීප මිතුරෙකු ලෙස සෞදිය මෙසේ ඔවුන්ට සහාය පළ කිරීමට ඉදිරිපත්ව තිබේ.

එමෙන්ම, ලොව ඛනිජ තෙල් මිල අඩුවීමත් සමග සෞදි අරාබියද සිය ආර්ථික දිශානතිය වෙනත් අන්තයකට හරවමින් විදෙස් ආයෝජන හරහා සිය ධනය රැස්කර ගැනීමට කටයුතු කරමින් සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි