නවතම පුවත්

ආර්ථිකේ කඩාවැටුණු හැටි වාර්තාවකින් එළියට එයි

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පිලිබඳ නවතම දත්ත රැගත් ලෝක බැංකු වාර්තාවක් “Sri Lanka Development Update 2019 ” යන මයෙන් පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණ.

රාජ්‍යතාන්ත්‍රික අයුරින්, අපගේ සිත් නොරිදවෙන අයුරින් එම වාර්තාව ලියා තිබුනද එහි පැහැදිලිවම අන්තර්ගතව තිබුයේ ඉදිරි වසර කිහිපය තුල අපට මුහුණදීමට සිදුවන ආර්ථිකමය අභියෝගයන් හා අර්බුදයන් පිලිබඳවය . එම වාර්තාව තුලින් අප වෙත ඉතාමත් ප්‍රබල පණිවුඩයන් ලබාදී ඇත. එම පණිවුඩයන් මෙරට පාලනය කල පසුගිය රාජපක්ෂ පාලනයට , දැනට පාලනය කරන යහපාලන රජයට මෙන්ම අනාගතයේදී බලයට පත්වන රජයන්ටද එකසේ වැදගත්වේ,

2010 , 2011 , හා 2012 යන වසර වල සියයට 8 ත් 9 ත් අතර පැවති මෙරට ආර්ථික වර්ධන වේගය එතැන් සිට කෙමෙන් කඩා වැටීමට ලක්වූ අයුරු මෙම වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇත. විසේශයෙන්ම වත්මන් රජය යටතේ එය 3.5ක් වැනි අඩු මට්ටමක සිරවීමද මෙම වාර්තාවේ දක්නට ඇත.

මෙම අඩු ආර්ථික වර්ධනය වත්මන් රජය යටතේ ඉදිරි වසර කිහිපය තුලද පවතින බවටද ලෝක බැංකුව තම නවතම වාර්තාව හරහා අනාවැකි පළකර ඈත. ඒ අනුව මෙම වසර තුල පමණක් නොව ලබන වසර තුලද මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.5 නොඉක්මනු ඇති බව ලෝක බැංකු අනුමානය යයි.

ඒඅනුව මෙරට තුල ක්‍රියාත්මක වත්මන් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන් හා ආර්ථික ක්‍රියාවලි වහා ප්‍රතිසංස්කරණය හා සංශෝධනය කිරීමට පියවර ගත යුතුව ඇති බව නවතම ලෝක බැංකු වාර්තාව අපට ලබාදෙන ප්‍රබලම පණිවුඩය වේ.

මෙරට ආර්ථික වර්ධනයේ තත්වය පිළිබඳව ලෝක බැංකු වාර්තාවේ අඩංගුව ඇති පහත දැක්වෙන වගුවෙන් මැනවින් අවබෝධ කරගනු හැකිය .

පැතුම් වික්‍රමරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි