නවතම පුවත්

තරුණයන් වෙනුවෙන් සිටි බැංකුවෙන් ‘යූත් කෝ – ලැප්’

අසංක

අසංක


තරුණ හා නවක ව්‍යවසායකයින්ට අවශ්‍ය ව්‍යාපාරික හා තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ” සිටි බැංකුව ” විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ යටතේ මෙරට පළාත් නව­යම නියෝ­ජ­නය වන පරිදි ගම්බද තරුණ තරු­ණි­යන් ඒක­රාශි කොට ඔවුන්ගේ ව්‍යව­සා­ය­කත්ව නැංවීමට හා තාක්ෂණික දැනුම ලබා දීම සඳහා තරුණ කඳ­වුරු පිහිටුවීමට සිටි බැංකුව පියවර ගෙන ඇත .

මෙම තරුණ කඳවුරු වෙත විදෙස් දේශ­ක­යින් ගෙන්වා තරුණ ප්‍රජාවගේ දැනුම තවදුරටත් පුළුල් කිරීමටද කටයුතු සැලසුම් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන සිටි බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රවීන් බස්නායක මහතා මෙසේ සඳහන් කර සිටී .

මේක තර­ගා­ව­ලි­යක් ලෙසයි පැවැත්වෙන්නේ . අව­සාන වට­ව­ලට එද්දි ඔවුන්ගේ ව්‍යාපා­ර­ව­ලට මුල පුරන්න අවශ්‍ය ප්‍රාග්ධ­නය ලබා දෙනවා. මේ වැඩ­ස­ට­හන අපි නම් කොට තිබෙන්නේ ‘යූත් කෝ – ලැප්’ නමින්. එම තරනගයට එක්වන, දෙදෙන­කුට අව­ස්ථාව ලැබෙ­නවා ආසි­යාවේ ‘යූත් කෝ – ලැප්’ සම්මේ­ල­න­යට සහභාගි වෙන්න.

සිටි බැංකුවේ අනෙකුත් සමාජ සත්කාරයන් පිලිබඳ වැඩිදුරටත් සඳහන් කරමින් ඒ මහතා මෙසේද පැවසීය

අලුත් ව්‍යව­සා­ය­ක­යන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂ­ණික දැනුම ලබා දීමට දින දෙකක වැඩ­ස­ට­හ­නක්ද අප ක්‍රියාත්මක කරනවා. තරුණ සේවා සභාව සමඟ අත්වැල් බැඳ­ගෙන කරන මේ වැඩ­ස­ට­හ­නේදි මූල්‍ය සාක්ෂ­ර­තාව පිළි­බඳ දැනුම ලබා දෙන්න සිටි බැංකුව මූලි­කව කට­යුතු කර­නවා. මේ රටේ 5000 කට අධික තරුණ පිරි­සක් මේ වන විට දැනු­මින් සන්නද්ධ කොට තිබෙ­නවා. රට තුළ පොදු ජන­තාව සමඟ මූල්‍ය ගනු­දෙනු නොක­ළාට, අපි තරුණ ව්‍යව­සා­ය­ක­ත්වය නඟා සිටුවන්න කරන මෙහෙ­ව­රෙන් බිදක් විත­රයි මේ.

ජාත්‍ය­න්ත­රය හා ගනු­දෙනු කරන ව්‍යාපා­රික ප්‍රජාව ඉලක්ක කර ගොඩනැංවී ඇති සිටි බැංකුව මේ වනවිට 40 වසරක් මෙරට ව්‍යාපාරික ප්‍රජාව සමග ගනුදෙනු කරයි.

ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර බැංකුවක් වන සිටි බැංකුවට වසර දෙසිය දහ­යක් ඉපැරැණි ඉති­හා­ස­යක් ඇත.

ලෝකයේ රට­වල් 96ක, බල ප්‍රදේශ 168ක් පුරා සිටි බැංකු ශාඛා ඇති මෙය ඇමෙ­රි­කාවේ ‘සිටි ගෲප්’ ව්‍යාපාර සමූ­හයට අයත්වුවකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්