නවතම පුවත්

Lady J සමග අලුත් විදියට Shopping කරමු

අසංක

අසංක

Largest homewear store in Sri Lanka

මහරගම කියන්නේ ලංකාවේ වෙළඳ නගර අතර සුවිශේෂී ස්ථානයක්. ඒ අතරෙන් රෙදිපිළි හෝ නිවසකට අවශ්‍ය ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන් නම් සෑම තරාතිරමකම පාරිභෝගිකයන් ඇදී එන ජනප්‍රියතම වෙළෙඳ නගරය මහරගම යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ජනප්‍රිය වෙළෙඳ නාමයක් වූ ලේඩි ජේ (Lady J) අංග සම්පූර්ණ වෙළෙඳ සංකීර්ණයක් ලෙස මීට වසකරට පමණ පෙර මහරගම නගරයේ ස්ථාපිත වන්නේ මේ සියලු වෙළෙඳ සේවා එකම වෙළෙඳ සංකීර්ණයක් තුළට ගොනු කරමින්.

අතීතයේ සිටම Lady J වෙළෙඳ නාමය ප්‍රචලිත වූයේ Value for Money හෙවත් ඔබ වැයකරන මුදලට උපරිම සාධාරණය ඉටුකරන වෙළෙඳ ආයතනයක් ලෙසිනි. නමුත් මහරගමට පැමිණි මෙම නවීනත්වයෙන් පූර්ණ Lady J ආයතනය ඔබට සේවය සපයන්නේ හුදු වෙළෙඳ ආයතනයකට වඩා එහි එන පාරිභෝගිකයන්ට ආගන්තුක සත්කාරකත්වය ද ලබාදෙන අතිශය සහෘද සේවා ස්ථානයක් ලෙසින් වීම සුවිශේෂීයි.

“වර්ග අඩි 60000ක පමණ අවකාශයීය විශාලත්වයකින් රථවාහන 100ක පමණ රථගාලකින් යුක්තව තැනුණු Lady J වෙළෙඳ ප්‍රදර්ශනාගාරය මහරගම නගර මධ්‍යයේ නිර්මාණය වන්නේ අති නවීන අංග සම්පූර්ණ shopping mall එකක් ලෙසිනි. උපදින්නට ඉන්න දරුවාගේ අවශ්‍යතාවල සිට වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය උපකරණ දක්වා සියලුම භාණ්ඩ එක වහලක් යටින් මිලදී ගැනීමට හැකි පහසුව ඔවුන් පාරිභෝගිකයන්ට උදාකර දී තිබීම විශේෂයි.”

සහෘදත්වය අංක එකට

අපි සාමාන්‍යයෙන් shopping කරන්නේ අපි යන වෙළෙඳ ආයතනයේ සීමාකම් හැටියට. ඒ නිසා පවුලම shopping කරන්න යනවා කියන්නෙම විශාල මානසික පීඩනයක්. දරුවන් සමග නැත්නම් වයෝවෘද්ධ දෙමාපියන් සමග shopping කරන්න ගියොත් ඒ අත්දැකීම එතරම් සුන්දර නොමැති බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. නමුත් Lady J ඔබට හඳුන්වා දෙන්නේ වෙනස්ම මාදිලියක shopping culture එකක්.

ඔබ ළදරුවන් සිටින මවක් නම් ඔවුන්ට මව්කිරි දීමට ස්ථානයක් (Feeding room) පමණක් නොව ඔවුන්ට අවශ්‍ය ඩයිපර් එක පවා නොමිලේ ලබාදෙන මානවවාදී පරිසරයක් Lady J තුළ නිර්මාණය වී ඇති බව ඔබ දැන සිටියාද? ළදරුවන්ව රැගෙන යාම සඳහා Stroller පවා නොමිලේ ලබාදීම ඔවුන්ටම විශේෂ වූ ආගන්තුක සත්කාරය ප්‍රකට කරයි.
දඟකාර දරුවන් සිටින යුවළක් නම් ඔබ හිතේ හැටියට Shopping කරන තෙක් ඔවුන්ට කෙළිදෙළෙන් ක්‍රීඩා කිරීමට Play area එකක් එහි තිබීම තවත් විශේෂත්වයක්. ඔබ ඔබේ වයෝවෘද්ධ දෙමාපියන් සමග පැමිණෙන්නේ නම් ඔබේ සාප්පු සවාරිය නිමවන තෙක් ඔවුන්ට රෝදපුටුවක හිඳ, පහසුවෙන් ඔබ සමග එකතුවීමට තරම් පහසුකම් ඔබ වෙනත් සාප්පු සවාරියකදී අත්විඳ තිබේද?

ඔබේ සාප්පු සවාරිය අතරතුර දී ඔබට දැනෙන කුසගින්න, වෙහෙස නිවාගැනීමට අවන්හලක් මෙම පරිශ්‍රය තුළ වීම ඔබේ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට පරිසරය සලසා දෙයි.

එය සාප්පු සවාරියකට පමණක් නොව, මහරගම වැනි කලබලකාරී වෙළෙඳ නගරයකදී වෘත්තීය කාරණාවකට වුවද තම හිතවතුන්ට මුණගැසිය හැකි Community hub එකක් ලෙසද ප්‍රයෝජනවත් වනු ඇත. ඒ නිසා Lady J යනු ඔබව හුදකලා වීමෙන් මුදවා සහෘදයන් සමග සමූහගත කරන අපූර්ව Meeting Place ලෙස ද හැඳින්විය හැකිය.

Retail Therapy හෙවත් හිතසුව පිණිස shopping කිරීම

අපි බොහෝදෙනා හිතන්නේ shopping කරනවා කියන්නේ සල්ලි නාස්ති කරන වැඩක් විදියට. ඊට මූලිකම හේතුව තමයි වෙළඳාම කියන දේ ජනප්‍රිය වෙලා තියෙන්නෙම බොරුව, වංචාව සමග බව අපිට හිතන්න පුරුදු කරලා තිබීම.

නමුත් හිතන්න, විනෝදයෙන් සහ උපරිම නිදහසෙන් යුතුව ඔබ හොඳ සාප්පු සවාරියක් ගියායින් පසුව ඔබ කොතරම් සැහැල්ලුවට පවත්වනවාද යන්න පිළිබඳව. තමන් මහන්සියෙන් උපයාපු මුදල් සාධාරණව වියදම් කිරීම කියන්නෙ අලුත් විදියක මානසික සුවයක් ලැබෙන අත්දැකීමක්.

Lady J සේවක කාර්‍ය මණ්ඩලය ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කර තිබෙන්නෙ ඔබට භාණ්ඩ විකුණන්නට නොව, ඔබේ රුචි අරුචිකම් මත ඔබට භාණ්ඩ තෝරාගැනීමට සහාය වීමට පමණයි. එනිසා භාණ්ඩ මිලදී ගැනීමේ තීරණය සම්පූර්ණයෙන් ඔබ සතු වන අතර, ආයතන සේවකයන් ඔබට සහාය වීමෙන් පමණක් තම කාර්‍යභාරය ඉටුකරයි. වෙනත් අයුරකින් කීවොත් ඔවුන්ට ටාගට් නොමැති අතර, ඔවුන් වෙත පැමිණෙන පාරිභෝගික ඔබගේ තෘප්තිය පමණක් ඔවුන් ඔබට ලබා දෙයි. ( ඔබ Try out කරන දේ මිලදී ගන්නම ඕනෑ යැයි ඔවුන් කිසිවිටෙකත් මැසිවිලි නගන්නේ නැහැ.)

නත්තලට හෝ අලුත් අවුරුද්දට බඩු ගන්නවා කියලා රැල්ලට වියදම් කරලා යන්න නෙවෙයි ඔබ Lady J වෙත යා යුත්තේ. ඊට වඩා පවුලේ සියලු සාමාජිකයන් සමග shopping කරලා තමන්ට අවශ්‍ය දේ පමණක් මිලදී ගැනීමටයි ඔබ Lady J වෙත යායුතු වන්නේ.”

ඒ නිසා Lady J සමාගමේ දැක්ම වන්නේ ඔවුන් සමග ගනුදෙනුවකට වඩා එහා ගිය තිරසාර හෙවත් Sustainable Customer relationship එකක් තම පාරිභෝගිකයන් සමග ගොඩනංවා ගැනීමයි. ඒ නිසයි අතිනවීන වෙළෙඳ සංකීර්ණයකට ගොඩවූවාට ඔබ යන එන හැම තැනකදිම දැන්වීම් පළකිරීම මගින් “ඔබට අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න” යන පණිවුඩය ඔබට සිහිකැඳවන්නේ.

සමාජ සත්කාරය සඳහා දායකත්වය

ලෝකයේ අනුන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, මුදල වැයකරන්නන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලාංකිකයන්. ඉතින්, ස්වභාවික විපත්, හදිසි ආපදා, පුණ්‍ය කටයුතු, ළමා සුබසාධන ආදී සමාජ සත්කාරක කටයුතු සඳහා තොග හෝ විශාල ඇණවුම් මිලදී ගන්න අවස්ථාවලදී Lady J සමාගම විශාල වට්ටම් ලබාදෙමින් එම සත්කාරයට හැකි උපරිමයෙන් ඔවුන්ගේ ද දායකත්වය ලබාදෙයි.

එමෙන්ම ආනයනික භාණ්ඩවලට අමතරව දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නේ රටේ සංවර්ධනයට ද ඔවුන්ගේ දායකත්වය ලබාදෙමින්. තවද නගරයෙන් දුරස්ව ග්‍රාමීයව සිටින සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මිල ගණන් යටතේ භාණ්ඩ ලබාදෙන්නේ සහෝදර ව්‍යාපාරික ප්‍රජාව සමග අත්වැල් බැඳගැනීම ව්‍යාපාරික ආචාර ධර්මවල කොටසක් ලෙස ඔවුන් විශ්වාස කරන නිසාවෙන්.

ඉතින් මේ උත්සව සමය Lady J ආයතනය සෑම පාරිභෝගිකයකුටම ඕනෑම මිලදීගැනීමක් වෙනුවෙන් වට්ටමක් ලබාදෙයි. නිමි ඇඳුම් හා රෙදිපිළි පමණක්ම නොව, නිවසට අවශ්‍ය සෑම සියලු භාණ්ඩයක්ම ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමට Lady J වෙත යාම මුදල් ඉතිරිය සේම ඔබට අලුත් shopping අත්දැකීමක් ද එක්කරනු ලබයි.

අනුරුද්ධ විජේරත්න
කළමනාකාර අධ්‍යක්ෂ -Lady J

“අංග සම්පූර්ණ වෙළෙඳ සංකීර්ණයක් වන Lady J අපි හැමවිටම විශ්වාස කරනවා භාණ්ඩ අලෙවිය කියන්නේ Hospitality හෙවත් සත්කාරක සේවාවක් විදියට. ඒ නිසා අපේ මහරගම වෙළෙඳ සංකීර්ණය නිර්මාණය වුණේ මෙරටට එන විදේශිකයන්ටත් දේශීය මිල ගණන් යටතේ මේ වෙළඳ සංකීර්ණය තුළදී ජාත්‍යන්තර තලයේ වෙළෙඳ අත්දැකීමක් ලබාදිය හැකි ලෙසයි. ඒ නිසා දේශීය පාරිභෝගිකයන්ටත් එක සේ එම සුඛෝපභෝගී අත්දැකීම අත්විඳ ගැනීමට හැකිවීම විශේෂයි. එමෙන්ම ලංකාවේ සිව්දෙසින්ම බස් රියෙන් කෝච්චියෙන් වගේ පොදු ප්‍රවාහන මාර්ගයකින් පවා ළඟාවිය හැකි මහරගම නගරයට Lady J ගෙන ඒමට හැකිවීම පාරිභෝගිකයයන්ගේ පැත්තෙන් සෑහෙන පහසුවක්.

ගාල්ලේ “කොටුවෙ කඩේ” හරහා ව්‍යාපාරික ලෝකයේ ස්වීය අනන්‍යතාවක් ගොඩනගා ගත් Lady J නිර්මාතෘ ජේ.ජී.සුමනපාල මැතිතුමා සහ ධර්මලතා අකුරුගොඩ මැතිනිය තරයේ ඇදහූ කාරණයක් තමයි තම ව්‍යාපාරයට එන පාරිභෝගිකයන් තමන් සමග කළ ගනුදෙනුව ගැන කවදාවත් පසුතැවිලි නොවිය යුතුයි යන්න. ඉතින් ඒ සුභාවිත ව්‍යාපාරික දැක්මේ සිට මෙවැනි නවීනත්වය හා සහෘදත්වය එක්වූ වෙනස් අනන්‍යතාවකින් සමාජගත වීම ගැන Lady J අපි නිහතමානීව ආඩම්බර වෙනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි