නවතම පුවත්

අන්තවාදී සංවිධාන ගැන ක්‍රියාත්මක වූ විශේෂ ඒකකය හිටිහැටියේම විසුරුවේ ඇයි?

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්‍ය බළකායේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා කටයුතු කළ සමයේදී ස්ථාපනය කළ අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කළ විශේෂ ඒකකය පසු කාලයේ කිසිදු හේතුවක් නොමැතිව විසුරුවා හැර තිබේ.

විශේෂ බළකා නිලධාරීන් පිරිසක් ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත මේ බව පැවැසීය.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මේ වනවිට සේවය කරන වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්‍ය බළකායේ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි එම ඒකකයට ඔහුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වී තිබේ.

නැගෙනහිර පළාතේ කඳවුරුවල සේවය කරන තෝරාගත් නිලධාරීන් 35 දෙනෙකු එම ඒකකයට අනුයුක්ත කර තිබී ඇත.

ඔවුන්ට අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් පුහුණුවක් ද ලබාදී ඇත.

මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබී ඇත.

සෑම ඉරිදාම ඔවුන් වාර්තාවක් සකසා බාරදිය යුතුව තිබූ අතර සහරාන් කල්ලිය පිළිබඳව ද එකල ඒ අයුරින් ක්‍රියාත්මක වූ විශේෂ එකකය හිටිහැටියේම පසුගිය කාලයේ විසුරුවා ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි