නවතම පුවත්

චිටී ගේ රොක් සංගීතය විදීමට ලාංකීය සෝමපාලකරණයෙන් බැහැර වීම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙළයන්ගේ ද්වීපයේ සිදුවන දේශපාලනය මුසු වූ බොහෝ සංසිද්ධීන් සිදු වන්නේ හෝ කරලියට පැමිණෙන්නේ ලැබිය යුතු ප්‍රමුඛතාව සමගින් දැයි ඡන්දදායකයාට ඇත්තේ විශ්මයකි. එබැවින් අද සිව්කොණ කොලම වෙන්වන්නේ හිටපු ඇමති පාඨලී රණවක හදිසි පොලිස් අත් අඩංගුවට පත්වීම පිළිබද පසු විපරමකට නම් නොවේ. මක් නිසාද යත් ඒ පිළිබදව බොහෝදෙනා තම නැණ පමණින් සමාජයේත්, සමාජ මාධ්‍ය තුලත් සිය මත ප්‍රකාශ කරමින් කා කොටා ගන්නා බැවිනි. මේ අතර පසුගිය දිනෙක පෞද්ගලික බැංකුවක් විසින් සංවිධානය කර තිබූ සාදයක ගී ගයන්නට ගොස් සිටි චිත්‍රාල් සෝමපාලව එකී සංවිධායකයින් විසින්ම බෙල්ලෙන් අල්ලා එළියට ඇදදමන සමාජ මාධ්‍ය තුල සංසරණය වූ වීඩියෝව මා සිත් ගත්තේය. ඒ අන් කවරක් නිසා නොව එම වීඩියොවෙන් ලාංකීය සිවිල් සමාජයේ අසරණකම කෙතරම්දැයි මැනවින් පිළිබිඹු කළ බැවිනි.

එකී වීඩියෝව තුල දිගින් දිගටම ඇසෙන දෙබස් ඛණ්ඩයක් වන්නේ “ඔයා අපිට මහ ලොකු මිනිහෙක් නෙවෙයි, මෙතැනින් යන්න” යනුවෙනි. එසේ තර්ජනාත්මකව පවසමින් චිත්‍රාල්ව එකී සාදයෙන් පන්නා දමන්නේ පෞද්ගලික බැංකුකරුවන් කණ්ඩායමක් විසිනි. එය සත්‍යකි, ලාංකීය සමාජ ධූරාවලිය තුල බැංකු කරුවෙකු යනු කෙරුමෙකි, කලාකරුවා ස්ථානගත වන්නේ බැංකුකරුවාට වඩා බොහෝ පහත් ස්ථරයකය. ඒ අනුව සලකා බැලූ කල ඉහත බැංකුකරුවන් කණ්ඩායම පැවසූදේ නිවැරදිය, චිත්‍රාල් වැනි යම් මට්ටමකට හෝ ජාත්‍යන්තරය ඉදිරියට සිය නිර්මාණ ගෙන යෑමට සමත් කලාකරුවෙකු වුවද ලාංකීය බැංකුකරුවන් ඉදිරියේ දෑගිල්ලෙන් කුඩු කළ හැකි පපඩමකි. මෙසේ චිත්‍රාල්ව බෙල්ලෙන් ඇද දැමීම සධාරණීකරණය කරන්නාවූ ප්‍රධාන තර්ක දෙකකි. එකක් නම් මෙම සිදුවීම සිදුවනවිට චිත්‍රාල් අධික ලෙස මත්පැන් පානය කර සිටියේය යන්නයි. මත්පැන් පානය කිරීම හෝ දුම්පානය කිරීම චිත්‍රාල්ගේ තීරණයකි, ඔහු මත්වී සිටියාද යන්න සොයනවාට වඩා වැදගත් වන්නේ ඔහු ගෙවූ මුදලට සාධාරණයක් වනලෙස ගී ගැයුවාද යන්න සෙවීමය. මත් වීම හා ලාංකීය ගීතය යනු බොහෝ කලාකරුවනට ගැළවිය නොහැකි කරුමයකි. ඇතැම් ගායකයන් හට ගී ගැයීමට නම් මත්වීම යනු අනිවාර්යාංගයකි. එසේම ඔවුන්ගේ ගී රස විදීමට ප්‍රේක්ෂාගාරයටද මත් වීම අනිවාර්යය. ඒ අනුව ගංජා කොලයක් ඔතා එය උරමින් සිංහල ගීතය රසවිදීම යනු ලාංකීය රසිකයා හට අරුමයක් නොවේ. එමෙන්ම එකී ශ්‍රේෂඨ කලා කරුවන්ගේ පුත්තු ද සෑම සතියකම පාහේ මෙල්බර්න් නුවරට පැමිණ සිහියක් පතක් නැතිව මත් වී අප සිංහල ප්‍රේක්ෂාගාර කිසිදු ගැටලුවකින් තොරව පිනවීම ද අරුමක් නොවේ. එවන් තත්වයක් යටතේ චිත්‍රාල් මත්වී සිටියේනම් එය තමන්ට අවශ්‍ය වන විට පමණක් සංස්කෘතික වන ලාංකීය ප්‍රේක්ෂාගාරයට ගැටලුවක් වන්නේ කෙසේද?

දෙවැනි තර්කය වන්නේ, චිත්‍රාල් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ හට අපහාස කිරීමේ දී ඔහුව මෙලෙස බෙල්ලෙන් අල්ලා එළියට ඇද දැමූ බවයි. චිත්‍රාල් පසුගිය යහපාලනය ගෙන එන්නට යම්කිසි කාර්යයක් ඔහු සිටි ස්ථරයේ සිට සිදු කළ බව මෙන්ම ඔහු රාජපක්ෂ විරෝධී මතධරයෙක් බැවද අපි දනිමු. එසේම ඔහුගේ රොක් සංගීත ශානරය ලාංකීය පස තුල සරුවට මුල් අදින්නට ගත්තේ පසුගිය පස්වසර තුල බැව්ද අපි දනිමු. ඔහු රාජපක්ෂ විරෝධියෙක් වීම හේතුකොටගෙනම ඔහුගේ රොක් සංගීතයට වෛර කිරීම යනු ලාංකීය සමාජයේ පවතින කුහලත්වයට එහා ගිය සදාචාරය පිළිබදව පැන නගින්නාවූ බලවත් ගටලුවකි. චිත්‍රාල් හෙළ ද්වීපයෙන් එහා වෙසෙන ජාත්‍යන්තරය හදුන්වන්නේ “චිටී” යනුවෙනි. චිටී යනු ලාංකීය සෝමපාලලාට වඩා ගවුවක් පමණ ඉදිරියට ගිය චරිතයකි. චිටී ගේ රොක් ගීත රස විදීමට විදෙස් රටවල පෙල ගසෙන්නේ වැඩි වශයෙන් විදේශීය රසිකයන්ය. ඔහු “නදී ගංගා තරණයේ” ගයන විට විදේශීය මෙන්ම දේශීය ප්‍රේක්ෂාගාරද පිරීගියේය. සිය සංගීත ශානරය සාර්ථක ලෙස ජාත්‍යන්තර තලයට ගෙනගිය ලාංකීය කලාකරුවන් අතලොස්සෙන් චිටී හට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එනයින් රාජපක්ෂ කදවුරෙන් විතැන්වී සිටින චිටීව මෙලෙස ලාංකීය සංගීත වේදිකාවෙන් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දැමීම ලාංකීය සිවිල් සමාජයේ ශිෂ්ටතවය බරපතල ලෙස ප්‍රශ්න කරයි. සිස්ටම් එක වෙනස් විය යුතුමය, නමුත් සිස්ටම් එක වෙනස්කරන මුවාවෙන් නිර්මාණය කරන මෙවන් අශිෂ්ට ප්‍රවනතා සමාජයෙන් ඉවත් කළ යුතුය. විරුද්ධ මත නොඉවසීම, ඉන් කම්පාවී ප්‍රකාශකයාව ශරීර ශක්තියේ බලයෙන් මර්දනය කොට තර්කය ජය ගැනීම දියුණු සමාජ-දේශපාලන ව්‍යුහයන් විසින් බරපතල ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන බැව් ලාංකීය සිවිල් සමාජය හොදින් වටහා ගත යුතුය. 

පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රචාරන ව්‍යාපාරය අතර තුර වත්මන් අගමැති ස්කොට් මොරිසන් හට ලාබාල තරුණියක් විසින් බිත්තරයකින් දමා ගැසුවාය, ඉන් කලබලයට පත් නොවූ අගමැතිවරයා නොහොබිනා ලෙස හසිරුනු තරුණියව හැකිතරම් සාමකාමී ලෙස සිය ආරක්ෂකයින් හා පොලීසියේ මැදිහත් වීමෙන් ශාලවෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ඉනිකිබිති ඇයට කළ වරදට නීතියෙන් සුළු දඩුවම් හිමි වූ අතර අගමැතිවරයාගේ සහචරයින් ඇයගේ නිවසට ගිනි තබා ඇගේ දෙමාපියන්ගේ කොණ්ඩා කපා තර්ජනය කරන්නට ගියේ නැත. සිස්ටම් චේන්ජ් කියමින් පොදු බිත්ති මත සිත්තම් කිරීමට ලාංකීය තරුණ පරපුර ගත් උත්සහය අගය කළ යුතුවාමෙන්ම, ඔවුන්ගේ පින්සලෙන් වර්ණවත් වූ බිත්ති සේම ලාංකීය සිවිල් සමාජයේ තවමත් සිත්තම් කර ඇති පහත් ගෝත්‍රික වාදී සිතුවම් මකාදමා ශිෂ්ටත්වයේ සිත්තමෙන් ලාංකීය සමාජය වහ වහා අලංකෘත කළ යුතුය. එවිට ලාංකීය ප්‍රේකෂාගාරයේ මුල් බැසගත් සෝමපාලවාදී ගෝත්‍රික ලක්ෂණ පසෙකලා චිටීගේ රොක් සංගීතය නිවැරදිව රස විදීමට ප්‍රේක්ෂකයා උත්සුකවනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී