නවතම පුවත්

ප්‍රංශ හමුදා මාලි රාජ්‍යයේ IS ත්‍රස්තයන් 33 ඝාතනය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යය තුළ ප්‍රංශ හමුදාවන් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කියා සිටියේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ සංචාරයකට එක්ව සිටියදීය.

විශේෂයෙන්ම කලාපය තුළ දළුලා වැඩෙන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් මර්දනය සඳහා ප්‍රංශය දැඩි සැලකිල්ලක් දක්වන බවත්, ඒ සඳහා වූ සහාය අඛණ්ඩව ලබාදෙන බවත් මැක්රෝන් අවධාරණය කළේය.

මේ වනවිටත් ප්‍රංශයේ 4,000කට අධික භට පිරිසක් මාලි රාජ්‍ය තුළ රැඳී සිටින අතර, මුල් වරට ඔවුන් එරට පැමිණ තිබුණේ වර්ෂ 2013 දීය.

ප්‍රංශ හමුදා අප්‍රිකානු කලාපයේ මොරිටේනියා, බුර්කිනා ෆාසෝ, නයිජර් සහ චැඩ් යන රටවලද ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම් හා ඊට අනුබද්ධ සටන්කරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදුකරමින් සිටිති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි