නවතම පුවත්

ලාංකිකයන්ට දිස්වන දුර්ලභ සූර්යග්‍රහණය 26 වැනිදා

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රප්‍රිය

ශී‍්‍ර ලංකාවාසී ජනතාවට ඉතා දුර්ලභ ගණයේ වලයාකාර සූර්යග‍්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව ලබන 26 දා උදාවේ.

එදින පෙරවරු 8.10 සිට රාති‍්‍ර 11.25 දක්වා වූ පැය තුනයි විනාඩි පහලොවකට ආසන්න කාලය තුළ එම වලයාකාර සූර්යග‍්‍රහණය දිස්වීමට නියමිතය.

මෙය ශී‍්‍ර ලංකාවේ ඒ ඒ ප‍්‍රදේශවලට ආකාර කිහිපයකින් නිරීක්‍ෂණය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ නිලධාරී ජනක අඩස්සූරිය පවසයි.

චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් සියයට 93 ක් ආවරණය වන ආකාරයෙන් එම සූර්යග‍්‍රහණය උතුරු පළාතේ ප‍්‍රදේශවලට නිරීක්‍ෂණය වේ.

යාපනය ඇතුළු උතුරු ප‍්‍රදේශවලට එය නිරීක්‍ෂණය වන්නේ වලයාකාර සූර්යග‍්‍රහණයක් ලෙසයි. කෙසේ වෙතත් එය දකුණු ප‍්‍රදේශවලට නිරීක්‍ෂණය වන්නේ අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙසය.

නැවතත් ශී‍්‍ර ලංකාවට මෙවැනි ආකාරයේ සූර්යග‍්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ 2031 වසරේ මැයි 21 දාය. එබැවින් මෙම ග‍්‍රහණය ඉතා දුර්ලභ හා අතිශය වැදගත් සංසිද්ධියක් ලෙස හැදින්විය හැකිය.

තවත් වැදගත් කාරණයක් වන්නේ මෙය මේ වසරේ දිස්වන අවසන් සූර්යග‍්‍රහණය වීමයි.

වලයාකාර සූර්ය ග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේද ?

පෘතුවිය හා සූර්යා අතරට සෘජු රේකාවක් ඔස්සේ චන්ද්‍රයා ස්ථානගත වීමෙන් සූර්යග‍්‍රහණයක් නිර්මාණය වේ. එවිට පෘතුවියේ දෙසට වන සූර්යාගේ අලෝකය අවහිර වේ. චන්ද්‍රයාගේ සෙවනැල්ලද මෙහිදී පෘතුවි පෘෂ්ඨය හරහා ගමන් කරයි.

පෘථීවිය හිරු වටා භ‍්‍රමණය වන කක්‍ෂ තලයට අංශක 05 ක ආනතියකින් යුතුව චන්ද්‍රයා පෘථිවිය වටා කක්‍ෂගතවන තලය පිහිටා තිබේ.

මේ තත්ත්වය තුළ චන්ද්‍රයා පෘථිවි කක්‍ෂීය තලය තරණය කරන්නේ වසරකට දෙවරක් පමණකි. මෙම වේලාවන් ග‍්‍රහණයන් ඇතිවීමට ඉඩ ඇති අවස්ථා වේ. පෘථිවිය වටා චන්ද්‍රයා භ‍්‍රමණය වන්නේ ඉලිප්සාකාර කක්‍ෂයකය.

මෙම ඉලිප්සාකාර කක්‍ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත් ඈතින් පිහිටන අවස්ථාවක සූර්යග‍්‍රහණයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම වලයාකාර සූර්යග‍්‍රහණයකි.

මේ අවස්ථාවේ චන්ද්‍රයා සාපේක්‍ෂව කුඩාවට දිස්වන අතර, සූර්යයාද පූර්ණ වශයෙන් ග‍්‍රහණය වන්නේද නැත. එවැනි අවස්ථාවක සූර්යයා ගිනි වළල්ලක් ලෙස හදුනාගත හැකි අතර, සූර්ය තැටිය මත චන්ද්‍රයා කළු පැහැති ලපයක් මෙන් දිස් වෙයි.

වලයාකාර සූර්යග‍්‍රහණය ඒ ඒ ප‍්‍රදේශවලට පෙනෙන වේලාවන්ද ප‍්‍රකාශයට පත්කර තිබේ. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙම සූර්යග‍්‍රහණය කොළඹ නගරයට ලබන 26 දා පෙරවරු 8.10 ට නිරීක්‍ෂණය වන බවයි.

එමෙන්ම උපරිම ග‍්‍රහ අවධීය කොළඹ සිට නිරීක්‍ෂණය කළ හැකි වන්නේ පෙරවරු 9.36 ය. උපරිම ග‍්‍රහණ අවස්ථාවේ සූර්යයා චන්ද්‍රයාගෙන් සියයට 87.6 ක් පමණ ආවරණය කර ඇති බව කොළඹ සිට නිරීක්‍ෂණය කළ හැකි යැයිද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියයි. එමෙන්ම කොළඹ නගරය හෝ ඊට ආසන්න ප‍්‍රදේශවල සිට මෙය නිරීක්‍ෂණය කරන්නෙකුට එහි අවසානය දැක ගත හැකි වන්නේ පෙරවරු 11.22 යි.

ගාල්ල නගරයේ සිට මෙම ග‍්‍රහණය පෙරවරු 8.11 සිට නිරීක්‍ෂණය කළ හැකිය. එහි සිට උපරිම අවස්ථාව නිරීක්‍ෂණය කළ හැකි වන්නේ පෙරවරු 9.38 ය. එම අවස්ථාවේ සූර්යයා චන්ද්‍රයාගෙන් සියයට 85.5 ක් පමණ ආවරණය වන බවත්, ගාල්ලේ සිට නිරීක්‍ෂණය කිරීමේදී ග‍්‍රහණයේ අවසානය පෙරවරු 11.24 ට පමණ නිරීක්‍ෂණය කළ හැකි බවද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවැසීය.

මෙම ග‍්‍රහණය වලයාකාර සූර්යග‍්‍රහණයක් ලෙස නිරීක්‍ෂණය කිරීමට සුදුසුම ප‍්‍රදේශය වන්නේ උතුරු ප‍්‍රදේශයයි. පෙරවරු 8.09 සිට යාපනයේ සිට මෙම ග‍්‍රහණය නිරීක්‍ෂණය කළ හැකිය. යාපනයේදී ග‍්‍රහණය අවසන් වන්නේ පෙරවරු 11.21 යි.

එහිදී වලයාකාර සූර්යග‍්‍රහණය පෙරවරු 9.34 ට ආරම්භවන අතර, එහි උපරිම අවස්ථාව පෙරවරු 9.35 ට නිරීක්‍ෂණය කළ හැකිය. එමෙන්ම පෙරවරු 9.37 ට වලයාකාර සූර්යග‍්‍රහණ තත්ත්වය නිමාවට පත්වෙයි.

යාපනයේ සිට මෙය නිරීක්‍ෂණය කරන්නේනම් චන්ද්‍රයාගෙන් සූර්යයා සියයට 93.4 ක් පමණ ආවරණය වූ උපරිම තත්ත්වයක් නිරික්‍ෂණය කළ හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

යාපනයට මෙන්ම වව්නියාව, ති‍්‍රකුණාමලය, වැනි උතුරට සමීප ප‍්‍රදේශවල සිටද මෙම වලයාකාර සූර්යග‍්‍රහණ තත්ත්වය නිරීක්‍ෂණය කළ හැකි වේ.

මන්නාරම සිට වාකරේ දක්වා අදින ලද සරල රේඛාවකට ඉහළින් යාපනය දක්වා වූ ප‍්‍රදේශවල සිට මෙම වලයාකාර සූර්යග‍්‍රහණ තත්ත්වය නිරීක්‍ෂණය කළ හැකි අතර, මෙම ප‍්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට මෙම වලයාකාර සූර්යග‍්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකිය.

ශී‍්‍ර ලංකාවාසීන් මෙන්ම ලෝකවාසීන්ද මෙම විශේෂ අවස්ථාව නිරීක්‍ෂණය කිරීමට සූදානම් වෙමින් සිටිති. ඒ වෙනුවෙන් විශාල පිරිසක් මෙම ග‍්‍රහණය ඉතා හොඳින් දැක බලාගත හැකි රටවල් වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෞදි අරාබිය, දකුණු ඉන්දියාව, යුරෝපයේ හා ආසියාවේ ඇතැම් ප‍්‍රදේශවලට මෙම වලයාකාර සූර්යග‍්‍රහණය හොඳින් නිරීක්‍ෂණය වන බවද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඕස්ටේ‍්‍රලිවාය, නවසීලන්තය වැනි රටවල් වෙත මෙය දිස්වන්නේ අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙසයි.

මෙම සූර්යග‍්‍රහණය පෙනීමේ අවස්ථාව සෞදි අරාබියෙන් ආරම්භ වී ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයෙන් ශ‍්‍රී ලංකාව හරහා ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දුනීසියාවෙන් අවසන් වේ. එම නිමාව සිදු වීමට නියමිතව ඇත්තේ පස්වරු 12.20 ටයි.

වලයාකාර සූර්යග‍්‍රහණ පිළිබද අතීතය දෙස බැලීමේදී 1955 වසරේ ජුනි මස 20 වන දින සිදු වූ සූර්යග‍්‍රහණය විශේෂ වේ. එහිදී විනාඩි 7 යි තත්ත්පර 8 ක කාලයක් පුරා සූර්යයා චන්ද්‍රයාගෙන් වැසී පැවැතිණි. 1955 සිදුවූ මෙම සූර්යග‍්‍රහණය ශ‍්‍රී ලංකාවේ සුවිශේෂි සිදුවීම් ඇති කළ සංසිද්ධියක් ලෙසද හැදින්විය හැකිය. එවක ජ්‍යෙතිර්වේදීන්ගේ අනාවැකි අනුව කාන්තාවන් වදකහ පානය කිරීම වැනි සිදුවීම් එදා සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකා වාසීන්ට වලයාකාර සූර්යග‍්‍රහණයක මෑත යුගයේ අත්දැකීම ලෙස 2010 වසරේ ජනවාරි 15 වන දින දර්ශනය වූ වලයාකාර සූර්යග‍්‍රහණයයි. එය විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයට වඩාත් හොදින් දර්ශනය වූ අතර එය දකුණු ප‍්‍රදේශවලට දිස් වූයේ අර්ධ සුර්යග‍්‍රහණක් ලෙසිනි.

එදින වලයාකාර සුර්යග‍්‍රහණ අවස්ථාව පෙ.ව 9.35 ට ආරම්භ වී ප.ව 3.37 ට අවසන් වූ අතර සූර්යයාගෙන් 94% ක් පමණ චන්ද‍්‍රයාගේ සෙවනැල්ලෙන් ග‍්‍රහණය විය. එහි උපරිම අවස්ථාව වාර්තා වූයේ ප.ව 1.24 ටයි.

මෙම සූර්යග‍්‍රහණය නිරීක්ෂණය සදහා උතුරු ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක පර්යේෂණ මට්ටමින් කදවුරු පැවැත්වීමටද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සූදානම් කර ඇති අතර, මන්නාරම, වවුනියාව, යාපනය වැනි නගර කේන්ද්‍ර කරගනිමින් එම කඳවුරු පැවැත්වීමට නියමිතයි.

නිරීක්‍ෂණයේදී ආරක්‍ෂාකාරී වන්න

වලයාකාර සූර්යග‍්‍රහණ අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය නොකරන ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා විශේෂිත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි, වෑල්ඩින් කිරීමේදී භාවිතා කරන නොම්බර 14 කණ්ණාඩි උපයෝගී කර ගැනීම යෝග්‍ය වේ.

එම කණ්නාඩි ඉතා අඩු මිලකට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය අළෙවිසැල් මඟින් ලබා ගත හැකි වේ. එවැන්නක් සපයා ගැනීමට නොහැකි නම්, කඩදාසියක සිදුරක් සාදා එමගින් ලැබෙන ඡුායාව සුදු තිරයක් මත ප‍්‍රක්ෂේපණය කිරීමෙන් හෝ ජල බේසමක් ආධාරයෙන් හෝ එම නිරීක්ෂණය සිදු කරන ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය උපදෙස් ලබාදෙයි.

එක එල්ලේ පියවි ඇසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන් ඇස් වලට බරපතල හානි සිදුවීමේ බරපතල අවදානමක් පැවැතීම මෙයට හේතුවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?