නවතම පුවත්

මැතිසබයේ පුටු ප්‍රශ්නයක්- වෙල්ගම විපක්ෂයට – රතන හිමි ආණ්ඩුවට

අසංක

අසංක

එන්. කේ.චන්ද්‍රපි‍්‍රය


පාර්ලිමේන්තුවේදී නියෝජිතයින් කිහිප දෙනෙකු සිය ආසන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වේත‍්‍රධාරීවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට එරෙහි පිළිවෙතක් අනුගමනය කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම සිය ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත‍්‍රධාරීවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ද සිය මන්ති‍්‍ර අසුන ආණ්ඩු පක්‍ෂ කොටසේ ස්ථානගත කරන ලෙස වේත‍්‍රධාරීවරයාට දුරකත ඇමතුමකින් දැනුම් දි ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහය පලකළ වසන්ත සේනානායක වේත‍්‍රධාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ සිය මන්ති‍්‍ර අසුන ආණ්ඩු පක්‍ෂයේ පිළියෙල කරන ලෙසයි.

කෙසේ වෙතත් තමන්ට යම් ස්ථානයක් වෙන් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට අයිතියක් ඇතත් එය සිදුකර ගත යුතු සම්මත ආකාරයක් තිබේ.

එය පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා වෙත දුරකථන ඇමතුම් ලබාදීමෙන් සිදුකර ගත නොහැකිය.

තම ආසනය පිළියෙල කළ යුත්තේ කෙසේදැයි යන්න කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීම අදාල මන්ති‍්‍රවරයාට පැවැරෙන වගකීමක් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි