නවතම පුවත්

හමුදා සෙබළාට පිහියෙන් ඇන අතුරුදන් ගිනිඅවිය හමුවෙයි

අසංක

අසංක

වව්නියාව බෝගස්වැව හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඔහු සතු ටී56 ගිනිඅවිය අද අලුයම පැහැරගැනීමට ලක්විය.

එම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් බවට පත්ව තිබුණි.

පැය කිහිපයක් අතරතුර ගිනිඅවිය පැහැරගැනීමේ අභිරහස විසඳාගැනීමට සමත්ව ඇත.

එම අවිය පැහැරගෙන ගොස් තිබුණේ එම කඳවුරේම සේවය කරන හමුදා සෙබළෙක් විසිනි.

නිවාඩු ලබාසිටි ඔහු පෙරදින කඳවුරට පැමිණ ඊයේ අලුයම සෙබළාට පහරදී ගිනිඅවිය පැහැරගෙන ඔහු පදිංචිව සිටින කැකිරාවට පලාගොස් තිබේ.

පහරකෑමට ලක්වූ සෙබළා කඳවුරේ ආරක්ෂාවට ඇති මුරපොලේ සේවය කොට අලුයම සේවාමුරය අවසන් කොට ගිනිඅවිය ගබඩාවට භාරදීමට යමින් සිටියදී ඔහුට එම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ විසින් කරුණු සොයාබැලීමේ දී පෙරදින කඳවුරේ සිටි නිවාඩු ලබාසිටි සෙබලා අතුරුදන් වී ඇති බව අනාවරණය වීමත් සමග ඒ ගැන විමසිලිමත් වීමේදී ගිනිඅවිය පැහැරගත්තේ ඔහු විසින් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව යුද හමුදා පොලීසිය විසින් ඊයේ දහවල් කැකිරාවේ දී ගිනිඅවියක් සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි