නවතම පුවත්

106 වැනි වියට පත් අම්පිටියේ රාහුළ ලොකු හාමුදුරුවෝ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට සුජීවත්ව සිටින මහ තෙරවරු අතරින් වයෝවෘද්ධතම නාහිමිපාණන් වහන්සේ වූ මහරගම සිරි වජිරඤාන ධර්මායතනාධිපති ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අම්පිටියේ රාහුළ නාහිමිපාණන් වහන්සේ තම සුපින්බර දිවිගමනේ එකසිය හයවැනි ජන්ම දිනය සිහිපත් කරන අද දින උන්වහන්සේගේ 1914 අම්පිටියේ සයිමන් රාජපක්ෂ පවුලේ උපත ලද අතර මුලික අධ්‍යාපනය අම්පිටියේ ශාන්ත මේරි විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී.

පසුව බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑනේ වජිරඤාන හිමි වෙතින් පැවිදිව ධර්ම විනය හදාරණ ලදී.

නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව තම සහෝදර හිමියන් වූ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් සමඟ මහරගම සිරි වජිරඤාන ධර්මායතනය නමින් 1958 අප්‍රේල් 21 වැනිදා භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹු උන්වහන්සේ එම විහාරය මුලික කොට ගෙන එම ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයක් ඇති කරන ලදී. වර්තමානයේ සිසුන් තුන්දහස ද ඉක්මවා යන සිරි වජිරඤාන දහම් පාසල එහි කදිම ප්‍රතිඵලයකි.

ඒ හැරුනු විට මහනුවර ප්‍රිම්රෝස් වජිරාරාම විහාරය, බෝවලවත්ත ආරණ්‍ය සේනාසනය, මිහින්තලේ කටුපොත ආරණ්‍ය සේනාසනය ආදී ශාකා විහාරස්ථාන ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හේතු කොට ගෙන ආරම්භ වූ විහාර වෙයි.

මෙරට ගුවන් විදුලියේ ප්‍රකට ධර්මදේශකයාණ කෙනෙකුන් වූ රාහුළ හිමියන් වසර දොළහකට අධික කාළයක් මහරගම ගුරු විද්‍යලයේ බෞද්ධ ධර්මාචාර්යවරයාණන් වශයෙන් කළ සේවය ප්‍රශංසනීයය.

ඉංග්‍රීසි සිංහල දෙබසින් ම ධර්ම ග්‍රන්ථ රාශියක් ද රචනා කළ හිමිපාණෝ විසල් ශිෂ්‍ය පිරිසකගේ ආචාර්යවරයාණන් ද වෙති. ඇමරිකාවේ වොෂිංටන් විහාරාධිපති මහරගම ධම්මසිරි හිමි , අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමි, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි ආදී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසකට ම රාහුළ හිමියෝ සැබවින් ම පියෙක් විය.

සීලවෘද්ධ , ගුණවෘද්ධ, තපෝවෘද්ධ යන ගුණයන්ගෙන් හෙබියා වූ උන්වහන්සේ වරෙක ප්‍රකාශ කළේ මේ භවයේ දී රහත් වන්නට නොහැකි වුවහොත් උපදින මතු සෑම භවයක දීම පැවිදි වීමට පතන බවයි. එම ප්‍රකාශයම උන්වහන්සේ තුළ වූ ගුණ සම්භාරය වටහා ගැනීම ප්‍රමාණවත් ය.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද මහඟු සේවාව උදෙසා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායෙන් ” ශ්‍රි ධර්මරක්ෂිත වංශාලංකාර ” ගෞරව නාමයෙන් පිදුම් ලද රාහුළ හිමියෝ තත් නිකායට ඉමහත් ආලෝකයක් එක් කරති. මෙරට ශාසන ඉතිහාසයේ අපරිමිත සේවාවක් සිදු කළා වූ ද බෝසත් ගුණවලින් හෙබියා වූ ද අම්පිටියේ රාහුළ මාහිමිපාණන් වහන්සේ නිදුක් නිරෝගීව වැඩ වෙසේවායි යන්න නිරන්තර අපගේ පැතුම වේ.

රුවන් වින්ඩ්සර්

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි