නවතම පුවත්

වෛද්‍ය ෂාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් CID යලි පරික්ෂණ අරඹයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

වෛද්‍ය සාෆි සාබ්දීන් විසින් මවුවරුන්ව බලහත්කාරයෙන් එල් ආර් ටී සැත්කම් වලට යොමුකරුනු ලැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මවුරුන් එකලොස් දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදුනාගෙන තිබෙන අතර ඒ අයගේ ප‍්‍රකාශ මේ වන විට සටහන් කර ගැනීමට ආරම්භ කර ඇත.

මෙයට පෙර වෛද්‍ය සාෆි සාබ්දීන් පිළිබද කරන ලද විමර්ශණයේ දී එම මවුරුන්ට කරන ලද එල් ආර් ටී සැත්කම් සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් කර නොමැති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමර්ග ගනු ඇති බවටද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

සාෆි සාබ්දීන් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වා ඇත්තේ ඔහු කාන්තාවන වද භාවයට පත්කළේද නැද්ද යන්න පිළිබද පමණි. එහෙත් ඔහු විසින් කරන ලද අකටයුතු කම් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පවත්වා නොමැත.එසේම ඔහුගේ දුරකථන ජාල විශ්ලේෂණ තොරතුරු පවා ලබාගෙන නොමැත. මේවන විට දුරකථන විශ්ලේෂණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබෙන අතර එම විශ්ලේෂණ වාර්තා වලින් ඔහුට සම්බන්ධකම් තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කරමින් තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි