නවතම පුවත්

කන්කසන්තුරෙයි වරායට අලුත් පර්‍යන්තයක්

අසංක

අසංක

කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු සඳහා ක්‍ර‍මවේද, සැලසුම් සකස්කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් උපදේශන සේවා සමාගමක් වෙත භාරදීමට ක්‍රියා කර තිබේ.

කන්කසන්තුර වරායෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එහි දැනට පවතින පර්යන්තය වෙත පැමිණෙන නෞකාවන්ගේ ධාරිතාව ටොන් 300 ත්, 400 ත් අතර වේ.

නමුත් වරාය වෙත වැඩි ධාරිතාවකින් යුතු විශාල නෞකා ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය බැවින් නව පර්යන්තයක් ඉදිකිරීම පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙසේ ඉදිකිරීමට යෝජිත නව පර්යන්තයේ ගැඹුර මීටර 07 කි. එමගින් වරායෙහි මෙහෙයුම් වර්ධනය කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනයත් අපේක්ෂා කෙරෙනු ඇත. ඒ අනුව පැරණි පර්යන්තය ප්‍ර‍තිසංස්කරණය කිරීම, නව ගැඹුරු ජැටියක් ඉදිකිරීම මෙන්ම දියකඩනය පුළුල් කිරීම යනාදී වරායෙහි සංවර්ධන කටයුතු හා පුළුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් දැනුවත් කරන ලදි.

දැනටමත් කන්කසන්තුර වරාය සංවර්ධනය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩම් අත්පත් කරගැනීම සඳහා  පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටතේ අක්කර 15 ක් සහ දෙවන පියවර යටතේ අක්කර 35 ක ඉඩම් ප්‍ර‍මාණයක් අත්පත් කරගැනීමට නියමිත වේ.

ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ක්‍ර‍මවේදයන් කඩිනමින් සකස්කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.

කන්කසන්තුර වරායෙහි දැනටමත් අබලි ද්‍ර‍ව්‍ය ඉවත් කිරීම හා යුද්ධයෙන් ගිලුණු හා හානියට පත් නෞකා ඉවත් කිරීමේ කටයුතු සිදුකොට අවසන්ව ඇති අතර ඉතිරිව ඇති අනිකුත් අබලි කොටස් ඉවත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.   

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි