නවතම පුවත්

2020 ලොව හොදම සංචාරක ගමනාන්ත අතරට ලංකාවත් එක්වෙයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබු මෙරට සංචාරක කර්මාන්තය , ව්‍යාපාරය , මේ වනවිට යලි  “අළු ගසා දමමින් ” නැගී සිටිනු පෙනෙන්නට  ඇත. විශේෂයෙන්ම එම අවාසනාවන්ත පාස්කුවෙන් පසු මෙරටට එරෙහිව සංචාරක තහනම් නියෝග පැනවූ බොහෝ බටහිර රටවල්ද  මේ වනවිට යලි ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වෙමින් ඇති බවද දක්නට ලැබීම, නව වසරට  සුභ පෙරනිමිත්තකි.


පාස්කු ප්‍රහාරයෙන් මාස හතරක් ගතවීමටත් පෙර ලෝක ප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන  “ලෝන්ලි ප්ලනට්”  ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තයක් ලෙස යලි නම් කළේය .
එසේම  එංගලන්තයෙ The  Sunday Times පුවත් සේවයද  2020 වසරේ  ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබුනි.


 කෙටි කාලසීමාවක්  යලි මෙරට සංචාරක ක්ෂේත්‍රය මෙලෙස යලි ගොඩනැංවීමට හැකිවීම ඇත්තෙන්ම එම ක්ෂේත්‍රයට සම්භන්ධ බලධාරීන් , වෘතිකයින් , ප්‍රතිපත්ති සම්පාදකයින් , ව්‍යාපාරිකයින් , ඇතුළු සියලුම පාර්ශවයන් ලැබූ ජයග්‍රහණයකි , ඔවුන්ගේ කැපවීම හා ධෛර්යය පිලිබඳ කදිම උදාහරණයකි.
මෙම ජයග්‍රහණ රැල්ලට තවත් එක සුවිශේෂී කුසලානයක් පසුගියදා එක්විය . ඒ ලෝකයේ සුප්‍රසිද්ධම හා ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන ඇමෙරිකාවේ සී එන් එන් නාලිකාවද 2020වසරේ  ලොව සංචාරය කල යුතුම ගමනාන්ත අතරට ලංකාවද එක්කිරීමයි.

 සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන්වී ඇති සී එන් එන් ට්‍රැවල් වෙබ් අඩවිය මෙලෙස ,2020 ලොව හොඳම සංචාරක ගමනාන්ත විස්ස අතරට ලංකාව එක්කර ඇත.

සිය කතෘ මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයක් අතුරින් මෙම වර්ෂයේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන මෙලෙස  ලැයිස්තුගත කළ බව CNN වෙබ් අඩවිය සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවද ඇතුලත්ව ඇත්තේ එම සුවිශේෂී ලයිස්තුවටය .

මේ අනුව මේ වසරේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලෙස මෙම ලයිස්තුවේ දක්වා ඇත්තේ , චිලී රාජ්‍ය (Chile Lake District), ඩෙන්මාර්කය (Copenhage), ඊශ්‍රායලය (මළ මුහුද) , ඩොමිනිකා රාජ්‍ය, එස්ටෝනියා රාජ්‍ය, අයර්ලන්තය (Galway), ජැමෙයිකාව, කර්ගිස්තානය, ජපානය (Kyushu), නව කැලිඩෝනියාව දුපත, බ්‍රසීලය (Paraty and Ilha Grande), මධ්‍යම අප්‍රිකාවේ සාඕ ටොමේ සහ ප්‍රින්සිප්, රුසියාව (ශාන්ත පීටර්ස්බර්ග්), ශ්‍රී ලංකාව, ටියුනීසියාව, කැනඩාව (Vancouver Island), අමෙරිකාව (වොෂිංටන්), ජර්මනිය (Wuppertal), හා  බටහිර අමෙරිකාවේ Wyoming ප්‍රාන්තය වේ. පසුගිය වසරේ පාස්කු දින බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනද ශ්‍රී ලංකාව තවමත් ලොව හොඳම සංචාරක ගමනාන්තයක් බව එම වෙබ් අඩවිය මෙහිදී අවධාරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂිවලට හිමිකම් කියන අනුරාධපුර, පොලොන්නරුව වැනි ස්ථාන, මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ මහනුවර ඇසල පෙරහැර ගැන වැඩි අවධානයක් දක්වන ලෙසද  CNN ට්‍රැවල් වෙබ් අඩවිය සංචාරකයින් ගෙන් ඉල්ලා ඇත . 

එමෙන්ම මින්නේරිය වනෝද්‍යානය ඇතුළුව ලංකාව වටා දිවෙන දර්ශණිය මුහුදු තීරයන් සම්බන්ධයෙන් ද CNN වෙබ් අඩවිය සංචාරකයින් දැනුවත් කර ඇත .ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද ඉහලින්ම වර්ණනා කර ඇති  මෙම වෙබ් අඩවිය  යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන සීගිරිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත . ඒ අනුව මෙරට සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් පිළිබඳව බටහිර සංචාරකයින් තුල මේ වනවිට විශේෂ උනන්දුවක් ඇතිවී ඇති බවද අපට වටහා ගත හැක.

ජාත්‍යන්තර මාධ්‍ය මගින් මෙලෙස ඇගයීමට ලක්වීම , කෝටි ගණන් මුදල් වියදම් කර පලකරන වෙළඳ දැන්වීම් සිය දහසකට වඩා වටිනා බව අප මේ මොහොතේ වටහා ගත යුතුය. එබැවින් එලෙස තව තවත්  ඇගයීමට ලක්වන පරිදි  මෙරට සංචාරක ව්‍යාපාරය , සංඛ්‍යාත්මකව පමණක් නොව ගුනාත්මකවද   ඉහල නැංවීමට බලධාරීන් අවධානය යොමු කල යුතුය.


ජායාරූපය – සී එන් එන් ට්‍රැවල් වෙබ් අඩවිය අදාළ ලයිස්තුවේ ශ්‍රී ලංකාව සම්භන්ධ විස්තරය සමග පළකර ඇති ජායාරුව 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී