නවතම පුවත්

කඩාවැටුණු සංචාරක කර්මාන්තය සෙමින් හිස ඔසවන ලකුණු

අසංක

අසංක

මෙරට සංචාරකයන්ගේ පැමිණීම පසුගිය මාසයේදී පෙර වසරට සාපේක්ෂව 4.5% අඩුවීමක් සිදුවී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. නමුත් මෙම තත්වය බලපා ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මුළුමනින්ම කඩාවැටුණු සංචාරක කර්මාන්තයට බැවින් එම අඩුවීම හා ඊට හේතු සළකා බැලීමේදී එය නොවැම්බර් මාසයට වඩා වැඩිවීමක් බැවින් තරමක යහපත් තත්ත්වයක් බව පැහැදිලි වේ.

මෙරටට වැඩිපුරම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඉන්පසුව වැඩිම සංචාරකයන් පිරිසක් එංගලන්තය සහ රුසියාවෙන් පැමිණ ඇත. සියයට 93ක් පමණ සංචාරකයන් මෙරටට පැමිණ ඇත්තේ ගුවන් මගිනි.

කෙසේවෙතත් පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව 18%කින් අඩුවී තිබේ. සංචාරකයන් 2,333,796ක් 2018 වසරේදී පැමිණ ඇති අතර පසුගිය වසරේදී පැමිණි මුළු සංඛ්‍යාව 1,913,702කි.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ආසියානු හා යුරෝපා කලාපයෙනි. ඉන්පසුව වැඩිම සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ අමෙරිකානු කලාපයේ සංචාරකයන්ගේ පැමිණීමය.

2019-2018 වසරවලදී මෙරටට පැමිණි මුලු සංචාරකයන් ගණන
පසුගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් ගණන කලාපීය වශයෙන්
‌පසුගිය මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රතිශතය රටවල් වශයෙන්
2019 – 2018 වසරවල මෙරටට පැමිණි සංචාරකයන් ගණන රටවල් වශයෙන්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්