නවතම පුවත්

ලොව දරුණුම සම්රම්ප වසංගතය කොන්ගෝවේ 6000 ක් බිලිගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට කොංගෝ රාජ්‍යයේ පැතිර යන සරම්ප වසංගතයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.  මෙම සරම්ප වසංගතය ලෝකයේ විශාලතම සහ වේගවත්ව පැතිරෙන වසංගතය ලෙස හඳුනාගෙන ඇති බවද එම සංවිධානය වැඩි දුරටත් පවසයි.

පසුගිය වසරේ කොංගෝ රටෙන් සරම්ප රෝගීන් 310,000ක් පමණ වාර්තා වී ඇත. රටේ පළාත් 26න්ම සරම්ප රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසයේ සිට රෝගීන් වාර්තා වීම වැඩි වන්නට විය.

රොගය මර්දනය කිරීම සඳහා කොංගෝ රජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට හදිසි එන්නත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2019 වසරේදී රට පුරා ළමුන් මිලියන 18කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබාදුන් බවයි.

එහෙත් යටිතල පහසුකම් දුර්වල වීම, සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට පහර දීම සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමට නොහැකි වීම යන හේතු නිසා රෝගය පැතිරීම වැළැක්වීමට දරන ප්‍රයත්න අඩාල වී තිබේ.

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය ද දරුණු ලෙස පැතිරෙමින් ඇත

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?