නවතම පුවත්

පරිසර අමාත්‍යංශය නිර්මාංශ වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංංශය සංවිධානය කරන සියලුම වැඩමුළු,සම්මන්ත්රමණ සහ රැස්වීම් සදහා සංග්‍රහ කිරීමේදී විවිධත්වයෙන් යුතු නිර්මාංශ ආහාර පමණක් යොදා ගන්නැයි සියලුම අංශ ප්‍රධානීන්ට අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා දන්වා තිබේ.
පරිසර දුෂණය අවම කිරීම, පරිසර සංරක්ෂණය හා තිරසර කළමණාකරණයට වගකිව යුතු නියමු ආයතනයක් ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංයශය මෙම පියවර ගෙන ඇත.


“තිරසාර පරිභෝජන රටාව ක්‍රියාවට නැංවීම සෑම පුද්ගලයෙකුගෙම වගකීමක්. අපි තනි තනිව මේ පිළිබදව දැනුවත් භාවයෙන් යුතුව තීන්දුගන්නේ නම් මුළු මහත් ලෝකයම ධනාත්මක වෙනසක් සදහා එය මුල පිරීමක් වෙනවා. වගකීම් සහගත පරිභෝජනය මුලික වශයෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කරනවා. අනෙක් අතට වායු ගෝලයට මිශ්රවවන කාබන් ප්‍රතිශතය අඩුකරනවා.


මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මෙසේ තිරසර පරිභෝජනය සම්බන්ධයෙන් ආදර්ශමත් හා ප්‍රායෝගික වැදගත්කමින් අනූන පියවරක් තැබීම එක් අතකින් කාලගුණ විපර්යාස අවම කිරීමට දායකවීමක් අනෙක් අතට තිරසර පරිභෝජනය ප්රිවර්ධනය කිරීම ඔස්සේ තිරසර ජීවන රටාවක  ප්‍රතිලාභ රටට සහ ලෝකයට ළගා කරදීමට පෙරමුණ ගන්නවා යැයි අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා පවසයි.
කාබන් පියසටහන සහ පරිසර දුෂණය අවම කිරීම සදහා කළ හැකි මුලික පියවරක් ලෙස පරිසර අමාත්යංමශය තුළින්ම මෙම වැඩසටහන ආරම්භ කිරීම කාලෝචිත වු බවද හෙතම සදහන් කළේය.


අදාල තීරණය අනුව වැඩසටහන් අතරතුර ප්ලාස්ටික් වතුර බෝතල් ලබාදීමද නොකළ යුතුය. වතුර බෝතල් සදහා වු අවශ්‍යතාවයට වෙනත් සුදුසු විකල්පයක් යොදා ගැනීම සුදුසුයැයි ලේකම්වරයා දන්වා ඇත. අභ්‍යන්තර මෙමෝ පත්‍රයකින් අදාල සියලුම අතිරේක ලේකම්වරුන්ට දැනටමත් මේ බව දන්වා තිබේ.

රමේෂ් වරල්ලෙගම
මුලාශ්‍රය – http://slycantrust.org/ වෙතිනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි