නවතම පුවත්

නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ මැරීන් සෙබළු 46ක් විසිර යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් 2020 පසුගියදා ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය. මෙහිදී පැමින සිටි ආරාධිත අමුත්තන්, විසිර යන නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්,  සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් වශයෙන් නාවික හමුදා මැරීන් බලඇණිය හැඳින්විය හැකි බවත්, භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම බලඇණිය දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට විශ්මිත අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත බවත් ශ්‍රී ලංකාවේ වෙරළ කළාපය හා කළපු ආශ්‍රීතව සිදු වන නීති විරෝධී කටයුතු, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී වෙළදාම මැඩපැවැත්වීම සඳහා සාර්ථකව දායක වී ඇති මැරීන් බලඇණිය, රටේ ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනකාරී තත්වයක් හෝ ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ඉතා ඵලදායී ලෙස යෙදවිය හැකි බලඇණියක් බවත් පවසන ලදි. ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංදර්ශණයකින් ද සමන්විත විය. එමෙන්ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් මැරීන් බලඇණිය විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර අඥාපති, මැරීන් බලඇණියේ අධ්‍යක්‍ෂක, ධජ නිලධාරී නාවික දියත් විධානය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් හා විසිරයන නාවික පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්