නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට යුරෝ මිලියන විස්සක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට හා සෞඛ්‍ය දර්ශක ඉහළ නැංවිමට ජීනිවා ගෝලීය අරමුදල අරමුදල මගින් ලංකාවේ ක්ෂය රෝගය, මැලේරියාව සහ ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීම සදහා 2003 වසරේ සිට වසර 18 ක පමණ කාලයක් පුරා රුපියල් බිලියන 18.3 ක මුදල් ආධාර අප රට වෙත මේ වනතෙක් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතියේ 2019 – 2021 ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත රෝග පාලනය හා ලංකාවෙන් තුරන් කිරීම සදහා ගෙනයනු ලබන ව්‍යාපෘති සදහා සහයෝගය දැක්වීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කරනු ලබයි. 2025 වනවිට HIV AIDS රෝගය මෙරටින් තුරන් කිරීමට ද 2030 දි ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් මුදල් ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදෙනු ලබයි.

ගෝලීය අරමුදල මගින් ක්ෂය රෝගය පාලනය සහ රෝගීන් හදුනා ගැනීම සදහා Digital X-Ray යන්ත්‍ර, ජින් එක්ස්පර්ට් (Gene Expert) යන්ත්‍ර සහ ජංගම Digital X-Ray බස් රථයක් ඇතුලු උපකරණ රැසක් සහ ඖෂධ ලබා ගැනීම සදහා ආධාර ලබා දී ඇත. HIV AIDS රෝගය පාලනය අරමුණු කරගෙන ආසාදිතයින් හඳුනා ගැනීම, පුනරුත්ථාපනය සහ පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ, ඖෂධ ලබාගැනීම සදහා ද ආධාර ලබාදී ඇති අතර රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සදහා ද මුදල් ආධාර ලබාදෙනු ලබයි.

මීට අමතරව ගෝලීය අරමුදල මගින් ජර්මන් රජයේ සහයෝගය ඇතිව යුරෝ මිලියන 20 ක මුදලක් 2020 – 2022 කාල පරිච්ඡේදය සදහා ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ දිවයිනේ සියලුම රෝහල් සහ රසායනාගාර නවීන තාක්ෂණයට අනුකූලව මනා සම්බන්ධතාවයක් ඇති කිරිම සහ නවීන Digital X-Ray 10 ක් ලබාදීම සදහා වන බවත් ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය මෙම හමුවේ දී අවධාරණය කළාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි