නවතම පුවත්

කටුනායකට ආ යානයේ මල සිරුරු දෙකක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුවන් තොටුපල වාර්තාකරු

අද උදෑසන ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන්ව වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා, එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකාවක් හා ජාතිකයෙකි. පසුව ඔවුන්ගේ මළ සිරුරු අද දින උදෑසන 7.40 ට පමණ ගුවන් යානයෙන් ඉවත් කර , මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.

ගුවන් යානය අභ්‍යන්තරය පිරිසිදු කිරීමෙන් පසුව , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගෙන උදෑසන 8.45 ට පමණ නැවතත් ගුවන් යානය ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්