නවතම පුවත්

“සමෘද්ධිලාභීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියාම රජයේ අරමුණයි”- රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

අසංක

අසංක

මෙරට දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් , නව රජය ගැනීමට නියමිත පියවරයන් පිළිබඳව මෙන්ම විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන්  ඒ  සඳහා  උපයෝගී කර ගන්නා අකාරය පිළිබඳව සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සමග  thecolomboexpress.com වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකි .

සාකච්ජා කලේ – පැතුම් වික්‍රමරත්න

“දිළිඳු භාවය” යනු තවමත් අපේ රටට බලපාන බරපතලම ගැටළුවක්,  එම ගැටලුවට මුහුණදීම සඳහා සුදුසු ප්‍රයෝගික වැඩපිළිවෙලක්  වත්මන් රජය සතුව තිබෙනවාද ?


ඔව් .   ඒ වෙනුවෙන් වූ ප්‍රයෝගික හා විධිමත් වැඩපිළිවෙලක් , හා සැලැස්මක් අප රජය සතුව තිබෙනවා. විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්භන්ධව විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැහැදිලිවම ප්‍රකාශ කල යුතුයි. 


දිළිඳුකම පිටුදැකීමට නම් අප දිළිඳුකමට හේතු සාධක වන  විවිධාකාර කරුණු  පිළිබඳව වෙන් වෙන්ව , නිවැරදි අවබෝධයක් ලබාගතයුතුයි. එසේ නොමැතිව සියලුම දිළිඳු ජනතාවට,  එකම විසදුමක් ඉදිරිපත් කිරීම සාර්ථක ක්‍රියාවලියක් නොවේ.  


ඒ අනුව සමෘද්ධි සහනය ලැබිය යුතු පුද්ගලයින් පිළිබඳව පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට අප ඉදිරියේදී බලාපොරොත්තුවනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහය ඇතිව අප මෙය ක්‍රියාත්මක කරනවා.  ඒ හරහා සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින් තෝරාගැනීම සඳහා නිශ්චිත දර්ශකයන් සැකසීමට අප පියවර ගන්නව. 

සමෘද්ධි සහන ලබාදීම දේශපාලනීකරණය වී ඇති බවට පසුගිය කාලයේ ජනතාව වෙතින් චෝදනා එල්ලවුනා , මේ තත්වය වෙනස් කිරීමට රජය කටයුතු කරන්නේ කෙසේද ?


සමෘද්ධිය ලබාදීමට නිශ්චිත දර්ශකයන් සැකසීමට අප කටයුතු කරන්නේ එම නිසයි.  එවිට සමෘද්ධිය ලබාදීමේ සියලුම බලතල සමෘද්ධි  නිලධාරීන් වටා පමණක්  කේන්ද්‍ර වීම අවම වෙනවා. එම ක්‍රියාවලි  හරහා, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව සැබෑ සුදුස්සන්ට පමණක් සමෘධි සහනය ලබාදීමට අපට හැකි වේවි. 


පසුගිය රජය සමයේ බොහෝ විට මෙම ක්‍රියාවලිය දේශපාලනයට යටවී තිබුනා , එම නිසා නුසුදුස්සන් රාශියක් මෙම සමෘද්ධි සහනය ලබාගත් බවට වාර්තා තිබෙනවා.නමුත් මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අප පියවර ගන්නවා. එසේම සමෘද්ධි නිලධාරීන්වද පසුගිය රජය සමයේ දේශපාලන වැඩකටයුතු වලට යොදාගත්තා . මෙයද අප ඉදිරියට වෙනස් කරනවා.  දේශපාලනයට යට නොවී ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තිය හා හැකියාව අප ඔවුන්ට ලබාදෙනවා. 

සමෘද්ධි සහනලාභීන්ගේ සංඛ්‍යාව ඉහළයාම ජයග්‍රහණයක් ලෙස පසුගිය කාලයේ ඇතැම් බලධාරීන් විසින් පෙන්වාදෙන්න උත්සහ කළා. නමුත්  ඇත්තෙන්ම එය ජයග්‍රහණයක්ද ?  රටක් වශයෙන් අපට ආඩම්බරවිය හැකි දෙයක්ද ?  එපමණකින් අපට සැහීමකට පත්විය හැකිද ?


 ඇත්තෙන්ම අපේ  අවසන්  අරමුණ විය යුත්තේ මෙවැනි සහනලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම නොවේ. මෙම සහන  ලාභීන්ගේ ආර්ථික මට්ටම ඉහල නංවා , ඔවුන් දිළිඳු බවින් මුදවාගෙන , තවදුරටත් සමෘද්ධි සහනය අවශ්‍යනොවන මට්ටමකට ඔවුන්ව පත්කිරීමයි. 

ඒ සඳහා තමයි අපගේ රජය කටයුතු කරන්නේ . අප උත්සාහ කරන්නේ මෙම සමෘද්ධිලාභීන්ගේ ආර්ථිකය නැංවීමට අවශ්‍ය සහය අප විවිධාකාරයෙන් ලබදීමට සැලසුම් කර තිබෙනවා.


ව්‍යාපාරික ණය ලබාදීම මෙහි ප්‍රධානතම පියවරක් , දැනට සමෘද්ධි ලාභීන්ට ලබාගතහැකි උපරිම ණය ලක්ෂ දහයක මට්ටමේ පවතින්නේ , නමුත් නිසිලෙස තම පෙර නයමුදල් ගෙවා ඇති සමෘද්ධිලාභීන්ට වානිජ්‍ය බැංකුවකින් තම ව්‍යාපාරය නංවා ගැනීම සඳහා වඩාත් විශාල ණය  මුදලක් ලබාගැනීමට අප අවස්තාව ලබාදෙනවා . එහිදී එම නය ගෙවීමට අප පූර්ණ සහයක් ලබාදෙනවා. 
එසේම අප  අමාත්‍යංශය මේවනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය , සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය වැනි අමාත්‍යංශ සමග එක්ව වැඩකටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා . ඒ අනුව සමෘද්ධිලාභීන්ට තම ව්‍යාපාර හා කර්මාන්ත නංවාගැනීම සඳහා එම අමාත්ය්නාශ හරහාද අවශ්‍ය සහයෝගය ලබාදීමට අප කටයුතු කරනවා. සමෘද්ධිලභීනට ලබාදෙන ප්‍රතිලාභද වැඩි කිරීමට අප කටයුතු කරනවා.


දරිද්‍රතාවය මනින ක්‍රමවේද පවා වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට අප කටයුතු කරනවා.  අද දවසේ වියදම් හා අවශ්‍යතා අනුව අප සමෘදධි ප්‍රතිලාභ වෙනස්කිරීම කල යුතුයි.මේ සියල්ලෙන්ම අප බලාපොරොත්තු වන්නේ මෙම දුප්පතුන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමයි.


පොක්කුරු ගම්මාන සංකල්පයද රට පුරා ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තබෙනවා මේ වසරේ පොකුරු ගම්මාන දහසක් ආරම්භ කිරීම අපගේ ඉලක්කයයි . මේ හරහාද අප අරමුණු කර ඇත්තේ අඩු  අදායම් ලාභීන්ගේ ආර්ර්තිකය නංවා , ඔවුන්වද රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක්කර ගැනීමයි.

මොකක්ක්ද මේ පොකුරු ගම්මාන සංකල්පය ?

මෙම පොකුරු ගම්මාන , බැංකු පද්ධති කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙනවා.  එහිදී අඩුආදායම් ලාභීන් සම්භන්ද කරගනිමින් ගමින් ගමට වෙන් වෙන් වශයෙන් විවිධ කර්මාන්ත , කෘෂි වගාවන් හා සේවාවන් ආරම්භකිරීමට කටුතු කරනවා.  අදාළ ප්‍රදේශවලට වඩාත් සුදුසු , ගැලපෙන වගාවන් , කර්මාන්ත හා සේවවාන්  ආරම්භ ක්රීමටද අප මෙහිදී වගබලා ගන්නවා. ඒවා ආරම්භ කිරීමට අවශ්‍ය නය පහසුකම් , දැනුවත් කිරීම් ආදී සියලු පහසුකම් අප ලබාදෙනවා. එසේම එම නිෂ්පාදනයන්ට වෙළඳපොල සොයා දීමටත් අප මැදිහත්වෙනවා.

කෘෂි භෝග සඳහා වෙළඳපල සොයාදීමේ කටයුත්තේදී කීල්ස් , කාර්ගිල්ස් වැනි ආයතන සමග අප එක්වී තිබෙනවා . එසේම මෙම නිෂ්පාදන සඳහා අන්තර්ජාලය හරහා වෙළඳපොල සොයාදීමටද අප මැදිහත්ව කටයුතු කරනවා. දැනටමත් අප ඒ වෙනුවෙන් ඩරාස් ඩොට් එල් කේ , ටකාස් ඩොට් එල් කේ වැනි ආයතන සමග ගිවිසුම්ගතව සිටිනවා. 


නව තාක්ෂනය භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු කරන අකාරය පිළිබඳව අදාළ පිරිසට  පුහුණුවක් ලබාදීමටත් දැනටමත් අප කටයුතු ආරම්භ කර තිබෙනවා.එසේම නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා නිමාව ඉහල නැංවීමටත් අප අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් කරනවා. මේ හරහා මෙරට වෙළඳපොල පමණක් නොවේ ජාත්‍යන්තර වෙළඳ පොළටත් ඇතුලත්වීමේ අවස්තාවක් මෙම පිරිසට ලබාදීමට අප බලාපොරොත්තුවෙනවා.

අන්තර්ජාලය හරහා අපනයන  ක්ෂේත්‍රය වෙත යොමුවීමේදී අපට බලපාන විශාල බාධකයක් තිබෙනවා , ඒ තමයි පේ පැල් ( pay pal) වැනි නවීන මූල්‍ය හුවමාරු ක්‍රමවේද තවමත් මෙරට ක්‍රියාත්මක නොවීමයි. ඒ පිළිබඳවත් අප මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී ඒ පිළබඳව අදාළ කටයුතු ක්‍රියාත්මක කරනවා . එවිට ඉතා පහසුවෙන් අන්තර්ජාල මාධ්‍ය හරහා ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළත්වීමට මෙරට නිෂ්පාදකයින්ට අවස්තාව ලැබෙනවා. ඒ අනුව සමෘද්ධි ලාභීන්ගේ , අඩු අදායම් ලාභීන්ගේ නිෂ්පාදන සඳහා එලෙස ජාත්‍යන්තර වෙළඳපොලේ ඉඩක් ලබාදීම අපගේ අනාගත ඉලක්කයයි.


සමෘද්ධිලාභීන් වෙත කුමන සහන හා අවස්ථා ලබාදුන්නත් ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ මූලික ලෙස සමෘද්ධි නිලධාරීන් හරහා බව පැහැදිලියි , නමුත් පසුගිය කාලයේ සමෘද්ධි නිලධරීන්ගේ ක්‍රියා කටයුතු සම්භන්ධව විවිධ චෝදනා හා පැමිණලි එල්ලවුණා.


සමෘද්ධි නිලධාරීන් දේශපාලනයෙන් ඉවත්කළ පසු ඔය බොහෝ ගැටළු විසදෙනු ඇති සිතනවා. එසේමදෙහා  මෙම නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබාදීමටද අප කටයුතු කරනවා. විශේෂයෙන්ම නව තාක්ෂනය පිළිබඳව ඔවුන්ට දැනුම ලබාදීමට කටයුතු කරනවා. 


එසේම ඔවුන්ට බලපාන වෘතීයමය ගැටළු වලට කඩිනමින් විසදුම් ලබාදීමටද අප කටයුතු කරනවා. ඔවුන්ට බලපාන වැටුප් ගැටළු , පත්වීම්  පිලිබඳ ගැටළු ආදී  සියල්ලට විසදුම් ලබදෙමට අප කටයුතු කරනවා. එවිට වඩාත් උද්යෝගයෙන් හා තෘප්තිමත්ව තම රැකියාවේ නිරතවීමට ඔවුන්ට අවස්තාව උදාවනවා. ඒ හරහා ඔවුන් තම රාජකාරියද වඩාත් නිවැරදිව කාර්යක්ෂමව ඉටුකිරීමට පෙළඹෙනු ඇති අපේක්ෂා කරනවා. 


පසුගිය රජය කිසිදු විනිවිදභාවයකින් තොරව දේශපාලන පත්වීම් ලබාදුන්නා ඒ හරහා බොහෝ ගැටළු මතුවුනා . උදාහරණයක් ලෙස සමෘද්ධි පරිඝනක නිලධාරීන් ලෙස 1600 දෙනෙකු පසුගිය රජය බඳවා ගත්ත . එම බදවා ගැනීම සිදුකලේ නියමිත පටිපාටීන්ට විරුද්ධවයි. රාජ්‍ය පරිපාලන අමාත්යාංශය පවා මෙම බඳවාගැනීම සිදුනොකරන ලෙස දැනුම් දී තිබුනා .

එම දැනුම්දීමටද පිටින් යමින් මෙම සේවකයින් ස්ථීර සේවකයින් ලෙස බඳවාගෙන තිබෙනවා. එයින් මේ වනවිට ගැටළු රැසක් මතුවෙලා. මොවුන්ට භාණ්ඩාගාරයෙන්  වැටුප් දෙන්නේ නැහැ . සමෘද්ධි බැංකු හරහා තමයි වැටුප් ගෙවන්න සලස්වා ඇත්තේ , එවැනි අක්‍රමවත් වැඩ නිසා බැංකු පද්ධතියටත් බලපෑම් එල්ලවනවා.  මෙම අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් දැන් රජය  පමණක් නොවේ  බඳවාගනු ලැබූ එම තරුණ පිරිසද අපහසුතාවයට ලක්වෙලා. 

සමෘද්ධි බැංකු ක්‍රමයද තවදුරටත් විධිමත් හා කාර්යක්ෂම කිරීම අවශ්‍යතාව මතුව තිබෙනවා . ඒ පිළිබඳව නව රජයේ සැලසුම් මොනවාද ?

ඔව් . සමෘද්ධි බැංකු , පරිඝනකගත කිරීමට  අප කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ හරහා වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවේවි. මේ සඳහා අප ආරම්භ සාකච්ජාවන්ද දැනටමත් සිදුකර තිබෙනවා. සමෘද්ධි බැංකු දහසකට වඩා රට පුරා ක්‍රියාත්මකයි . 
ඒ හරහා විශාල සේවාවක් ඉටු කල හැකියි. සමෘද්ධි දීමනා ලබාදීමද විද්‍යුත් කාඩ්පත් හරහා ලබාදීම සිදුකල හැකියි . ඒ සඳහාද අප ආරම්භක පියවරයන් අරගෙන තිබෙනවා. 

ලෝක බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන  මෙරටට ණය ලබාදීමේදී බොහෝ විට යෝජනා කර සිටින්නේ  , සමෘද්ධිය වැනි සහනාධාර කප්පාදු කරන ලෙසයි .මෙම බලපෑම් වලට රජයක් ලෙස ඉදිරියේදී  මුහුණදෙන්නේ කෙසේද ?

ලක බැංකුව කියන විදියටම වැඩ කරලා දියුනු වූ රටවල් නැහැ . එය මුලින්ම කිව යුතුයි. අප සහනධාර කප්පාදු කිරීමට කිසිවිටක පියවර ගන්නේ නැහැ. නමුත් එම සමෘද්හි ලාභීන්ගේ ආර්ථික මට්ටම ඉහල නංවා  , ඔවුන් එම තත්වයෙන් ඔසවා  තැබීමට අප පියවර ගත යුතුයි . සැමදාමත් ඔවුන් සහනාධාර මත යැපෙන  පිරිසක් කල යුතු නැහැ.
ඇතැම් සමෘද්ධි ලාභීන් තම ආර්ථික මට්ටම ඉහල ගියත් සමෘද්ධියෙන් ඉවත්වීමට මැලි කමක් දක්වනවා. ඔවුන් දිගටම ” යැපුම් මානසිකත්වයක”  සිට කටයුතු කරනවා. එය ගැටළුවක් එම නිසා එම  යැපුම් මානසිකත්වයෙන් ඔවුන් ගලවා ගත යුතුයි . ඒ සඳහා ආකල්පමය වෙනසක් සිදුකල යුතුයි . මේ පිලිබඳවද අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා . ආණ්ඩුවෙන් යැපෙනවා කියන එක පිළිබඳව යම් ලැජ්ජාවක් ඔවුන් තුල ඇතිවිය යුතුයි.

අප ලබාදෙන සහන භාවිතා කර තම ආර්ථිකය දියුණු කරගෙන , තවදුරටත් ආණ්ඩුවේ සහනාධාර මත යැපෙන්නේ නැති ස්වාධීන පුද්ගලයින් ලෙස නැගී සිටීමට ඔවුන් තුල උවමනාවක් ඇතිකිරීම ඉතා වැදගත්.

IMF
IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !
image-27
ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!
image-24
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.
image-23
නුවරඑළියටම ප්‍රදීපයක් වූ  රේණුකා හේරත් 
production & services1
පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට
small-dog-biting
වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි
image-22
IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
image-21
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්
image-20
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ
image-19
වියතුන් තැනූ "මෝඩ බැම්ම"ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු