නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් ඇතැයි සිතූ කළු කොටියා යලි මතු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි. අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.

ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ මේ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණි. නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමිනි.

මෙය ශ්‍රී ලංකාවේ කළු කොටියෙකු කැමරාවක සටහන් කරගත් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකියි. ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙනි.

කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානය පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් විය. ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමිනි. ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තව ත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබේ.

වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණය සඳහා තාක්ෂණික සහ ලබාදුන්නේ ට්‍රොපිකල් එකෝ සිස්ටම් රිස්ච් නෙට්වර්වර්ක් සංවිධානය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?