නවතම පුවත්

ලංකාවට බලාපොරොත්තු දල්වන මහින්දෙ ක්‍රිකට් තරුව ‘නවෝද්’

අසංක

අසංක

ක්‍රිකට් ක්‍රීඩාව මනබදින සියලු දෙනා ක්‍රිකට් ගැන දන්නා පිරිසක්ම නොවෙති. මේ දිනවල ක්‍රිකට් ගැන දන්න නොදන්න කතාවක් නැගලා යමින් තිබේ. ඒ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය ආශ්‍රිත ප්‍රකාශ හේතුවෙනි. නමුත් මේ කතාවෙන් අප ඔබට කියන්නට යන්නේ ලංකාවේ ක්‍රිකට් බලාපොරොත්තු ඉහළින් තැබිය හැකි තවත් එක් කතාවකි. ඒ නිසා ඔබ ක්‍රිකට් ගැන නොදැන සිටියද දැන සිටියද ලංකාවට ආදරය කරන්නේ නම් නවෝද් පරණවිතාන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබදව දැන සිටිය යුතුමය.

තවමත් 16 හැවැරිදි වියේ පසුවන ගාල්ල මහින්ද විද්‍යාලයේ නවොද් පරණවිතාන මේ වනවිට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ තවත් කඩඉමක් පසු කර යෑමට සුදානම්ය. ඊට රටේ සියලු දෙනාගේ සහය නවෝද්ට ලබාදීම වටින්නේ යැයි සිත්වන්නේ නවෝද් පරණවිතානගේ දක්ෂතාවය ගැන පසු විපරමක යෙදෙන විටය.

වයස අවුරුදු 12 දි පමණ නවෝද් ක්‍රිකට් ගැන බලාපොරොත්තු දැල්වුවකු නොවීය. ඔහු සිය පියා සමග වැඩිමහල් සොහොයුරාගේ ක්‍රිකට් තරග බැලීමට යන කුඩා ක්‍රිකට්ලෝලියෙකි.

”දවසක් නවෝද්ගෙ අයියා බිනෝද් සෙල්ලම් කරන මැච් එකක් බලන්න යන්න මම ලැහැස්ති වුණා. නවොද් පුංචි වුණාට එයත් මැච් එක බලන්න යන්න ඕන කිව්වා. මැච් එක අතරවාරයේ මම සෙරප්පුවක් තියලා නවෝද්ට ඒකට බෝල් කරන්න කිව්වා. මොකද නවෝද්ටත් බෝලෙ අල්ලලා සෙල්ලම් කරන්න උවමනා වුණ නිසා. පුදුමයකට වගේ නවෝද් හොදට බෝල් කළා. එදා මට හිතුණා මහින්දෙ ක්‍රිකට් පුහුණුකරුවන්ට පුංචි පුතා ගැන කියන්න ඕන කියලා” යැයි නවෝද්ගේ පියා කැලුම් පරණවිතාන නවෝද්ගේ කුඩා කළ ක්‍රිකට් අරඹුම ගැන සිහිපත් කළේය.

යුද හමුදා වීරයකු වන නවොද්ගේ පියාද කලක් මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් කළ නිත්‍ය සාමාජිකයෙකි. මව දීප්ති දහනායකයි. පවුලේ නවෝද්ට තවත් සහෝදරයන් දෙදෙනෙකි. ඒ බිනෝද් අයියා සහ මල්ලි චමෝද්ය. ඔවුන් ගාල්ල අම්බලන්වත්තේ පදිංචිකරුවන්ය.‍

නවෝද්ගේ පියා අනතුරුව මෙම පණිවුඩය රැගෙන යන්නේ මහින්ද විද්යාාලයේ එවකට 13 පහළ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලකී අරඹවෙල හමුවටය. ඔහුගේ උපදෙස් පරිදි 13 පහළ නිත්යඩ පුහුණුකරු රොඩ්නි ප්‍රදීප් හමුවෙයි. දැන් 13 පහළ කණ්ඩායම තෝරලා ඉවරයි. නමුත් අපි පුතා ගැන බලමු රොඩ්නි පවසන්නේ පසුවදා පුහුණුවීම්වලට එන්නැයි නවෝදට ආරාධනාවක් කරමිනි.

පුංචි නවෝද්ට පළමුව කණ්ඩායමේ තැනක් අහිමිවුවද මහින්ද ක්‍රිකට් ඇකඩමිය තුළ ඔහු පුහුණුවීම් කළ පළමු දිනයේම ලකී අරඹවෙල පුහුණුකරුගේ උදාන වාක්‍යයක් ඇසීමට සමත්වුයේය. ”මෙයාට හොද ගමනක් තියෙනවා. හදලා ගන්න පුළුවන්.” නවෝද් දෙස බලමින් ලකී අරඹවෙල නවෝද්ගේ පියාට කීවේය. රොඩ්නි ප්‍රදීප් නවෝද්ගේ දක්ෂතා ගැන විශ්වාසය තැබුවේය.

පහේ පංතියෙන් හයේ පංතියට යනවිට නවෝද් සිය පුහුණු තරග හා දක්ෂතා හේතුවෙන් 13 පහළ ඒ කණ්ඩායමට තෝරාගත්තේය. ඒ වනවිට මහින්දයේ 13 පහළ ඒ කණ්ඩායම මෙන්ම පළමු පෙළ ක්‍රිකට් පුහුණුකාරීත්වය භාර වී තිබුණේ ධනුෂ්ක දෙනගමටය.

නවෝද්ගේ පුහුණු රටාවන් වෙනස් කරමින් ධනුෂ්ක නවෝද්ව වෙනම තැනකට ගෙන එන්නෙ සිය පුහුණු දිවියේ හසල අත්දැකීම් නිසාය. 13 පහළ කණ්ඩායම නියෝජනය කරන නවෝද් පරණවිතාන පළමුව වාර්තා පොත් අතරට පැමිණෙන්නේ ධනුෂ්ක දෙනගමගේ මුලිකත්වයෙනි.

13 පහළ පළමු තරගාවලියේදී ලකුණු 1182 ක් ලබා ගන්නා නවෝද් පරණවිතාන (ප්රිතිශතය 73.88) මහින්ද – රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරග ඉතිහාසය අලුතින් ලියා තබන්නේ ධනුෂ්ක දෙනගමගේ පුහුණුකරුගේ තීන්දුවකට අනුව ඔහු මහා ක්‍රිකට් තරගයට තෝරා ගැනීම නිසාය.

අවුරුදු 13 මාස 10 දවස් 2ක් ගතවන තැන 2016 වසරේදී මාර්තු පැවැති මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ නවෝද් පරණවිතාන එදා මෙදා තුර මහින්ද-රිච්මන්ඩ් ක්‍රිකට් ඉතිහාසයේ මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ලාබාලම ක්‍රිකට් ක්‍රිකට් ලෙස වාර්තා පොතට එක්වුයේය.

එපමණක් නොව එම තරගය මහින්දයට වාසිසහගත අයුරින් නිම කිරීමට නවෝද් සමත්වන්නේ පිටිය තුළ පන්දුවාර 62 පන්දු 4ක් රැදී සිටීමෙනි. එකල ශක්තිමත් රිච්මන්ඩ් පිළ නියෝජනය කළ අද ජාතික කණ්ඩායම පවා නියෝජනය කරන සියලුම ක්‍රීඩකයන් ( චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග) පන්දු යවමින් 13 හැවැරිදි නවෝද්ව දවා ගැනීමට නොගත් උත්සාහයක් නැති තරම්ය.

2017 වසරේ 15 පහළ මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වු නවොද් පරණවිතාන, එම තරගාවලියේදීද ලකුණු දහසේ සීමාව ඉක්මවා යමින් පිත්තෙන් සිය තරගවාරය තුළ ලකුණු 1022ක් රැස් කළේය. ඒ අවසරයෙන් ඔහු තවත් වාර්තාවක් තැබුවේය. ඒ මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ 13 පහළ හා 15 පහළ ක්‍රිකට් තරගාවලි දෙකේම ලකුණු දහස ඉක්මවා ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

එතැන් සිට නවෝද්ට දොරගුලු විවෘත වුයේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට එක්වීම සදහාය. ඉන්දියානු 19 පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී මුලින්ම 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නවෝද් පරණවිතාන, බංගලදේශයේ පැවැති 19 පහළ ආසියානු කුසලාන තරගාවලිය, බංගලදේශ හා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාර සදහා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දක්වයි.

2018 බංගලදේශ 19 පහළ කණ්ඩායමේ ලංකා සංචාරයේදී එක්දින සහ ටෙස්ට් තරගාවලි දෙකටම ක්‍රීඩා කරන නවෝද් එම තරගාවලි දෙකේම තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සිදුවීම හේතුවෙන් නවෝද්ට මෙවර 2018-2019 පාසල් පළමු පෙළ තරගවාරයේ තරග කිරීමට හැකිව ඇත්තේ තරග 5ක් පමණි. එම තරග 5හේදී ගුරුකුළ විද්‍යාලයේ එරෙහිව නවෝද් නොදැවී ලබාගත් ලකුණු 154 කැපි පෙනෙයි.

19 පහළ ක්‍රීඩකයන් පන්දු යවද්දි 13 පහළ ක්‍රීඩකයකු ඊට පිත්ත යොමා ක්‍රිකට් තාක්ෂණයෙන් කඩුල්ල රැකගන්නා අයුරු සිහිපත් කළහොත් නවොද්ගේ දක්ෂතාව හොදින්ම තේරුම් ගැනීමට හැකියාව තිබේ. තවමත් නවෝද්ගේ වයස අවුරුදු 16 මාස 9කි. ඔහු 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තමන්ගේ දක්ෂතා උපරිම අයුරින් ප්‍රදර්ශනය කරමින් සිටියි.

ඒ අනුව ගත් කළ නවෝද් පරණවිතාන පුංචි ක්‍රිකට් ක්‍රීඩකයාට පාසල්, පළාත් හෝ වෙනත් කිසිම භේදයකින් තොරව අප ආශිර්වාද කළ යුතුය. රටක පැතුම් දිනෙක ඉහළ දැමීමේ හැකියාව නවෝදට ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

”අනාගත බලාපොරොත්තුව මොකක්ද?” මම නවෝද්ගෙන් ඇසුවෙමි.

”රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක” යැයි නවෝද් කීවේය. මම ඔහුට මගේ සුබ පැතුම් එක් කළෙමි.

දැන් නවෝද්ගේ මීළග කඩඉම වී ඇත්තේ ඩයලොග්-සන්ඩේ ටයිම්ස් 2018 වසරේ පාසල් ක්‍රීඩකයා වීමේ අභියෝගයයි. මේ වනවිට එම ඉලක්කයට ආසන්නවී සිටින නවෝද් පරණවිතානට දිනපතා කිසිදු මුදලක් වැය නොවී පහත ලින්කුවෙන් ඡන්දයක් ලබා දිය හැකිය. අනාගතයේ රටේ ක්‍රිකට් වෙනුවෙන් පායන තරුවකට ඔබ අද පහත ලින්කුවෙන් ලබා දෙන සහය දිනෙක සතුටු කැන්දන බව නොඅනුමානය.

https://www.dialog.lk/cricket/vote/navod-paranavithana/?fbclid=IwAR0QVRv0fRJAbOnbn_V78dDEJwZ0v_IpuyKfJm8tig0YP_-rz3I0QVDBuLc#_=_

රමේෂ් වරල්ලෙගම

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි