නවතම පුවත්

දෙසැම්බර් නිශ්පාදන දර්ශකය අඩු වර්ධන වේගයක් පෙන්නුම් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වී තිබේ. එහිදී නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලුම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සමස්තයක් ලෙස වර්ධනයක් පෙන්නුම් කර තිබේ. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා ඇතැම් සේවකයන් යොමුවීම, විශේෂයෙන්ම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැලකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහිද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.

තව ද, නව ඇණවුම් සහ නිෂ්පාදන අඩු වේගයකින් වර්ධනය වුව ද, එළඹෙන චීන නව අවුරුදු නිවාඩුව සමග ඇති විය හැකි සැපයුම් බාධා සැලකිල්ලට ගනිමින් ඉදිරි නිෂ්පාදන අවශ්‍යතා සඳහා අවශ්‍ය තොග කල් තියා ඇණවුම් කිරීම හේතුවෙන් ගැනුම් තොග ඉහළ වේගයකින් වර්ධනය විය. එමෙන්ම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පසුගිය මාසය හා සැසඳීමේදී නොවෙනස්ව පැවතී තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි