නවතම පුවත්

පසුගිය රජයේ පිරිහුණු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපය සමස්ථ දේශපාලනයටම කැලලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිරිහුණු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපය සමස්ථ දේශපාලනයටම කැලලක් ඇති කර තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පසුගිය රජයේ කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාප හේතුවෙන් අධිකරණය කෙරෙහි ජනතාව තැබූ ගෞරවය සහ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය බිඳී ගොස් ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ඊයේ (19) කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙනේ පැවති  පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් වෙත ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායකධුරය පිරනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

අද දින මෙම උත්සවයට සහභාගි වෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. නායක හිමිපාණන් කිව්වා වගේ මේ පන්සල එජාපයේ බොහෝම ප්‍රබල ස්වාමීන් වහන්සේ නමක් හිටපු පන්සලක්. අවුරුදු 200ක් පමණ පැරණි මේ පන්සල ඉතාමත් කීර්තිමත් පන්සලක්. අපේ ස්වාමීන්  වහන්සේ මේ පන්සලේ  නායකත්වයට පත් වු  පසුව මේ විහාරයේ  පිරිවෙනක් ඇති කරලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. නායක හිමිපාණන් ශාසනික වශයෙන් ඉතාමත් විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා. උගත් භික්ෂූන් වහන්සේලාගෙන් තමයි අද බුදු දහම ආරක්ෂා වෙලා තිබෙන්නේ.අපි  රටේ බුදු දහම පමණක් නොවෙයි.විදේශිය රටවලටත් බුදු දහම ව්‍යාප්ත කරන්න ශ්‍රී ලංකාව මුල් වෙලා තිබීම පිළිබඳව අපි සතුටු වෙනවා.එදා වගේ නොවෙයි අද ගොඩක් දෙනෙක් ශ්‍රී ලංකාව දෙස බලාගෙන ඉන්නවා නිර්මල බුදු දහම ලබාගැනීම සඳහා. පසුගිය දිනයක මට තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් හමුවුණා. උන්වහනසේලා බුදු දහම පිළිබඳව ගැඹුරට අධ්‍යනය කිරීම සඳහා තමයි මෙරටට පැමිණ තිබෙන්නේ.අපිට විශාල වගකීමක් තිබෙනවා අපේ රටේ තිබෙන නිර්මල බුදු දහම ලෝකයාට පතුරුවා හරින්නට.

පසුගිය යුගයේ ඇති වූ සිද්ධීන් නිසා සමාජය කෙතරම් පිරිහිලාද කියලා ෆෙස්බුක් එක බැලුවහම අපිට දැකගන්න ලැබුණා. සුදුසු නැති අය දේශපාලනයට යෙදවීම නිසා එම පිරිහුණ දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපය මුළු දේශපාලනයට මහා කැලලක් ඇති කරලා තිබෙනවා.දුරකථන සංවාද රෙකෝඩින් වලට දාගෙන ,ඒවා එකතු කරගෙන ,ඒවා නිසා වින්දනයක් ලබනවා නම් ඒ ගැන කණගාටු විය යුතුයි. ඒ කණගාටු විය යුත්තේ මේ සමාජයට වුණ කැලල නිසයි.

පසුගිය රජයේ  ඉහළ සිට පහළට සියලු නායකයින් වගකිව යුතුයි. අධිකරණයේ නඩුකාරවරුන් උසස්වීම් දෙන බව කියලා යම් යම් තීන්දු දෙන්න  පොළඹවන්න කටයුතු කිරීම පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්.කිහිප දෙනෙක් නිසා  අධිකරණය කෙරෙහි ජනතාව තියපු විශ්වාසය බිඳිලා ගිහින් තිබෙනවා. ඒ නැති වී ගිය ගෞරවය නැවත ඇති කරගැනීම අගවිනිසුරුවරයාගේ වගකීමක්.මේවා පිළිබඳව සොයා බලා කටයුත කර අධිකරණයේ පිරිහී ගිය විශ්වාසය නැවත ඇති කළ යුතුයි. රටේ කැළෑ නීතියක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඒ තුළින් වන්නේ සමාජය දිනෙන් දින විනාශ වීමයි. එක් පැත්තකින් අපි මේ වගේ දේවල් වුණා කියලවත් දන්නේ නැහැ.

හඬපට එළිවීමෙන් තමයි මේ පිළිබඳව දැනගත්තේ. සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයකට නඩුකාරතුමා හමුවෙන්න යනවා නම් නිතීඥවරයා සමඟ තමයි ඇතුළට  යන්නෙත්.ඒක තමයි සම්ප්‍රදාය. තනියම ගිහින් නඩුකාරවරයා සමඟ කතා කරන්නේ නැහැ. මේ ආකාරයට යම් යම් තීන්දු ගැනීම සඳහා විනිසුරුවරුන් පෙළඹවීම නිසා මගේ පුතා දවස් 46ක් රිමාන්ඞ් භාරයේ හිටියා.

තවත් මන්ත්‍රීවරුන්ව මේ ආකාරයට සිරගත කළා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. අපි කිසිම අවස්ථාවක අධිකරණයට බලපාන වැඩපිළිවෙලක් ගෙන යන්නේ නැහැ.  මොකද අපි ඒකේ බරපතළකම දන්නවා. මේ භික්ෂූන් වහන්සේලා නිසා තමයි අද රටේ බුදු දහම රැකිලා තිබෙන්නේ. ඔබවහන්සේගෙන් මේ නායක පදවිය බැබලේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.


කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල නා හිමියන් විසින් ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායකධුරයට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් වෙත පිරිනැමූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විජිණි පත පිරිනමණ ලදි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන,ජයන්ත සමරවීර මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී