නවතම පුවත්

සෝෂල් මීඩියාවලින් ඉස්ලාමයට අපහාස කළ ලාංකිකයන් 3කට ඩුබායි උසාවියෙන් දඩ

අසංක

අසංක

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයින් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරට අධිකරණය විසින් ඩිරාම් ලක්ෂ 5 බැගින් 500,000 ක දඩ මුදල් නියම කර තිබේ.

පසුගිය වසරේ මැයි 19 වැනිදා පැමිණිල්ල ගොනුකොට ඇත.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් හි පළ කරන ලද ඉස්ලාමීය ආගමට කරන ලද අපහාසාත්මක ප්‍රකාශ මෙම චෝදනාවට හේතුවී ඇත.

වරදකරුවන් වයස අවුරුදු 28 ත් 34 ත් අතර ශ්‍රී ලාංකිකයන් ය.

වෙනස් කොට සැලකීම් සහ වෛරීසහගත ලෙස කටයුතු කිරීමේ නීතිය සහ ෆෙඩරල් දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව චෝදනා නඩු විභාගයකට යොමු කර තිබුණි.

ඩුබායි අධිකරණය නියෝග කළේ දඩ මුදල් ගෙවා විත්තිකරුවන් තිදෙනාම පිටුවහල් කරන ලෙසයි.

පැමිණිල්ලේ විමර්ශනය අතරතුර විත්තිකරුවන් තිදෙනා චෝදනාව පාපොච්චාරණය කර ඇත.

විත්තිකරුවන් කිසිවෙකු නීතිමය කාලසීමාව තුළ අභියාචනයක් ඉදිරිපත් නොකිරීම නිසා අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?