නවතම පුවත්

ඉහළම ධනවතුන් 1% ලෝකෙම වත්කමට වඩා දෙගුණයක් ධනවත්

අසංක

අසංක

ලොව ඉහළම ධනවතුන් සියයට එකක ප්‍රමාණය සතුව ඇති වත්කම් ප්‍රමාණයේ වටිනාකම සෙසු සමස්ත ලෝක ජනතාවම සතු වත්කම් ප්‍රමාණයේ වටිනාකම මෙන් දෙගුනයකටද අධික බව ඔක්ස්ෆැම් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

මෙම ආර්ථික අසමානතාවය මේ වනවිට පාලනයකින් තොරව ඉහල යමින් ඇති බවත් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සමාජ සේවා හා සුභ සාධන ආයතනයක් වන ඔක්ස්ෆැම් ආයතනය තම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

මෙම තත්වය පාලනය කිරීමට ලොව පුරා පාලන අධිකාරීන් , නිසි පියවරයන් ගත යුතු බවද ඔක්ස්ෆාම් ආයතනය තම වාර්තාව හරහා නිර්දේශ කර ඇත.

ඉහලම ධනවතුන්ගෙන් නිසි ලෙස බදු අයකිරීමට පාලන අධිකාරි අසමත්ව ඇති බවත් , මෙම වාර්තාවේ දක්වා ඇත.

ලොව ඉහළතම ධනවතුන් 2154 දෙනා සතු වත්කම් ප්‍රමාණය , මෙලෙස ලොව සෙසු බිලියන පහකට ආසන්න ජනතාව සතු වත්කම් ප්‍රමාණයට වඩා ඉහළයාම බරපතල ගැටළුවක් වන බවද වාර්තාවේ දැක්වේ.

ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා පසුගිය දශකය තුල ඩොලර් බිලියන 334ක ධනයක් එක්රැස් කරගෙන ඇත. එසේම ලොව පස්වෙනි පස්වෙනි ධනවතා වන ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ක් මහතා පමණක් පසුගිය වසර තුල ඩොලර් බිලියන 6කින් තම වත්කම් ප්‍රමාණය ඉහල නංවාගෙන ඇත.

එසේම මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසන් ආයතනයේ අධිපති ජෙෆ් බෙසොස් සතුව ඇති වතම් වල වටිනාකම ඩොලර් බිලියන 116ය ඉක්මවා ඇත.

ලොව ඉහලම ධනවතුන් 20 දෙනා සතු වත්කම් ප්‍රමාණය ගෙවුණු වසර හත අතුලත දෙගුණයකින් ඉහල ගොස් ඇති බවද වාර්තාවේ.

බොහෝ රටවල් ක්‍රියාත්මක කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ග හේතුවෙන් , ඉහලම ධනවතුන් තවදුරටත් ධනවත්වීමේ හා දුප්පතුන් තවදුරටත් දුප්පත් භාවයට ඇදවටීමේ තත්වයක් මතුව ඇති බවද ඔක්ස්ෆාම් ආයතනයේ ඉන්දීය ප්‍රධානී අමිතාබ් බෙහාර් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙවැනි ඉහල ධනවතුන් ලොව බිහිවීමේ ඇති ප්‍රතිඵලය කුමක්දැයි , ප්‍රශ්න කිරීමට පවා බොහෝ දෙනා මේ වනවිට පෙලබී ඇත්තේද මෙම හේතුව මත යයි බෙහාර් මහතා මෙහිදී අවධාරණය කර ඇත.

මෙම ආර්ථික අසමානතා පාලනය කිරීමට යම් පියවරක් ගතහොත් එය දිළිඳු භාවය තුරන් කිරීමට මෙන්ම රටක ආර්ථික වර්ධනයටද ඉවහල් වන බව ඔක්ස්ෆාම් ආයතනය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්