නවතම පුවත්

විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීම නවතී

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පොලිසිය වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට නො ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පොලිසියට උපදෙස් දී ඇති බවයි.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ දී පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රංජන් රාමනායක මහතාගෙන් අධිකරණ කටයුතු සම්බන්ධව බලපෑම් එල්ල වන බව පවසමිනි.

එහෙත් ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ විමර්ශන වාර්තා නොමැති වීම හේතුවෙන් පැමිණිලිකරුවකු අද වන විට නීතිපතිවරයා විසින් විත්තිකරුවකු කිරීමට උත්සාහ දරා ඇතැයි විමල් වීරවංශ අමාත්‍යවරයා චෝදනා කළේය.

නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර තිබුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගන්නා ලෙසයි.

නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා වැඩ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් කමිටුවක් පත්කරන ලදී.

අදාල කමිටුවේ නිර්දේශ අනුව මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්